Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක අක්‍රියව පැවැති අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය හෙට (21 වැනිදා) ආරම්භ වේ. ප්‍රධාන අනුග්‍රාහකයකු නොමැතිව ආරම්භ වන තරගාවලියේ සියලු වියදම් දැරීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය ඉදිරිපත් වී ඇතැයි ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා පවසයි.
2022 ලීග් තරගාවලියේ අනුග්‍රහය දැරීම වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 19 ක් ගෙවීමට ඩයලොග් ආයතනය සූදානම් වී ඇතත්, තරගාවලියේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් එකඟතාවක් නොවීම නිසා කල්දැමීමකින් තොරවම තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර ඇත.
“ඒ ගොල්ලන්ගේ විදේශීය මව් සමාගමෙන් අවසර ගන්නකල් තරගාවලිය සති දෙකකින් කල් දාන්න කියලා ඩයලොග් සමාගම ඉල්ලනවා. ඒත් මාස දෙකක් තිස්සේ සාකච්ඡා කළා. දැන් අපි බොහෝ දුර ගිහින්. තවදුරටත් තරගාවලිය කල් දාන්න බෑ. මොකද ක්‍රීඩාව ඉදිරියට යන්න ඕනේ...”
“ඒ නිසා අපි 21 වැනිදා තරගාවලිය ආරම්භ කරනවා” යයි ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ඩයලොග් ආයතනයෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ ලීග් තරගාවලියේ අනුග්‍රහය සඳහා ඉදිරිපත් වීමට තමන් කැමැත්තෙන් සිටි නමුත් තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිය නොහැකි වූ බවයි.
ඩයලොග් ආසියාටා සමගම වසර 10 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ඉහළම දේශීය රග්බි තරගාවලි තුනේදීම ප්‍රධාන අනුග්‍රාහකයා විය. අන්තර් සමාජ ලීග් තරගාවලිය, ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සහ සත් සාමාජික තරගාවලිය එම තරගාවලි තුනයි.
ලීග් තරගාවලියේ පළමු තරගය හෙට පස්වරු 4.00 ට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම අතර හැව්ලොක් පිටියේදී පැවැත්වෙයි. හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ අයිතිය මේ වන විටත් හැව්ලොක් ක්‍රීඩා සමාජය සතුව තිබුණද, යුද හමුදාව සත්කාරකත්වය දරන සෑම තරගයක්ම හැව්ලොක්ස් පිටියේදී පැවැත්වෙන බවද රග්බි ආයතනය කියයි.
ජනවාරි 22 වැනි සෙනසුරාදා තරග දෙකකි. වත්මන් ශුරයන් වන මහනුවර පිල සහ ගුවන් හමුදාව සෙනසුරාදා රත්මලානේදී තරග වදී. හැව්ලොක්ස් පිල සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය හැව්ලොක් පිටියේදී පැවැත්වෙයි. ඉරිදා (ජනවාරි 23) සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිලත් ශ්‍රී ලංකා පොලිසියත් අතර තරගය තුරඟ තරග පිටියේ පිටියේදී පැවැත්වේ.
අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලිය නැවත ආරම්භ වන්නේ වසර 2020 මාර්තු මාසයෙන් පසුවය. අවසන් වරට පැවැති තරගාවලියේ පළමු වටය නිමාවේදී, ඒ වන විට තිබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව මහනුවර ක්‍රීඩා සමාජය ශූරතාව දිනාගත්තේ කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් තරගාවලිය අතරමග නතර කරමිනි.
ගුවන් හමුදා කණ්ඩායම සහ සී.එච්. ක්‍රීඩා සමාජය අතර අගෝස්තු මාසයේදී රග්බි තරග දෙකක් පැවැත්වුණද එය අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට අයත් නොවූ ආරාධිත තරගාවලියක් විය.
ලීග් තරගාවලියේ පළමු වටයේ තරග මාර්තු පළමු සතිය වන විට අවසන් කිරීම ශ්‍රී ලංකා රග්බි ආයතනයේ බලාපොරොත්තුවයි. ඉන්පසුව, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් සිටින ක්‍රීඩා සමාජ ‘කුසලාන’ තරගාවලිය සඳහා ක්‍රීඩා කරන අතර, පහළ අර්ධයයේ පිහිටි ක්‍රීඩා සමාජ ‘පළඟ‘ ශූරතාව සඳහා ක්‍රීඩා කරනු ඇත. සියලුම ලීග් තරඟ අප්‍රේල් මස 2 වැනිදා වනවිට අවසන් කිරීමට නියමිතය.
අප්‍රේල් 22 වැනිදා ආරම්භ වන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය සඳහා ලීග් තරගාවලියේ හොඳම කණ්ඩායම් 8 තරග වදින අතර එය අප්‍රේල් 30 වැනිදා අවසන් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.