Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හෙට්ටිආරච්චි තහනම් උත්තේජක අරන්

හෙට්ටිආරච්චි තහනම් උත්තේජක අරන්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ප‍්‍රධානතම රටවල් පහ අතර රග්බි තරගාවලියේදී (2014) ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ප‍්‍රබල ක‍්‍රීඩකයකු වන නුවන් හෙට්ටිආරච්චි තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට පරීක්‍ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇති බව අන්තර්ජාතික රග්බි සංගමය ශ්‍රී ලංකා රග්බි සංගමයට දැනුම්දී තිබේ.  

මේ පිළිබඳ ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියකු පැවසුවේ අන්තර්ජාතික රග්බි සංගමය ඒ පිළිබඳව තම සංගමයට දැනුම්වත් කර ඇති බවයි.

කොළඹ පැරණි තුරග තරග පිටියේදී පසුගිය මැයි මස 17 වැනිදා පිලිපීනයට එරෙහිව පැවැති තරගයෙන් පසුව තහනම් උත්තේජක පරීක්‍ෂණයට සහභාගි වීමට සිටි ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් සිවුදෙනා පරීක්‍ෂණය මගහැර පැනගිය බවත් පසුව රාත‍්‍රි 11.00 ටපමණ කැඳවා මුත‍්‍රා සාම්පළ ලබාගත් බවත් එහිදී වාර්තා විය.


අදහස් (0)

හෙට්ටිආරච්චි තහනම් උත්තේජක අරන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.