Last Update  :  2025-05-04 19:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක් පිලෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්
අන්තර් සමාජ ලීග් රග්බි

හැව්ලොක් පිලෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්

editorial - 2022 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර අද (6 වැනිදා) හැව්ලොක් පිටියේදී පැවැති තරග‍යෙන් ලකුණු 26-22 ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. මේ දක්වා තරග 3 කට සහභාගි වී ඇති හැව්ලොක් ක්‍රීඩා සමාජය එම තරග 3 ම ජයගෙන තවදුරටත් සිය අපරාජිත බව රැකගෙන සිටියි. 

ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු රැස්කළ හැව්ලොක් ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-15 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. ගුවන් හමුදාව පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමගිනි. 12 වැනි විනාඩියේදී ගුවන් හමුදාවට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගත් නායක නුවන් පෙ‍රේරා සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය.

පළමු අර්ධයේදී ර‍මේෂ් ප්‍රනාන්දු (14 වැනි විනාඩියේදී), මිතුන් හපුගොඩ (24 වැනි විනාඩියේදී) සහ ලසිඳු කරුණාතිලක (38 වැනි විනාඩියේදී) හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළහ. එම උත්සාහක දිනුම් තුනෙන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කරගනිමින් ඒවා ගෝල දිනුම් බවට පත් කරනු ලැබුවේ සන්දේෂ් ජයවික්‍රම විසිනි.

පළමු අර්ධයේ 19 වැනි සහ 32 වැනි විනාඩිවලදී ගුවන් හමුදාව වෙනුවෙන් පරාක්‍රම රත්නායක සහ ගයන්ත ඉද්දමල්ගොඩ උත්සාක දිනුම් ලබාගත් අතර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට නුවන් පෙරේරා සමත් විය. ඒ අනුව හැව්ලොක් කණ්ඩායමට වඩා ලකුණු 4 ක් පසුපසින් සිටිමින් ගුවන් හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධය නිමා කළහ.

දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙකම ගෝල දිනුම බැගින් ලබාගැනීම නිසා කණ්ඩායම් දෙකේම ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 7 කින් ඉහළ ගියේය. කෙ‍ෙස් වුවත් පළමු අර්ධය නිමාවන විට රඳවාගත් ලකුණු පරතරය හේතුවෙන් තරගයේ ජය තමන් සතුකර ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

එම අර්ධයේදී හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් විමුක්ති රාහුල 75 වැනි විනාඩියේදී ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට සන්දේෂ් ජයවික්‍රම සමත් වූ අතර ගුවන් හමුදාව වෙනුවෙන් නුවන් පෙරේරා 54 වැනි විනාඩියේදී ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය ඔහු විසින්ම සාර්ථක කර ගනු ලැබීය.

ගුවන් හමුදා කණ්ඩායමේ ෆාරිස් අලී තරග‍යේ 58 වැනි විනාඩියේදීද, හැව්ලොක් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ ප්‍රින්ස් චාමර තරග‍යේ 77 වැනි විනාඩියේදීද විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. මෙම තරගය තුළදී හැව්ලොක් කණ්ඩායම ක්‍රීඩක අ‍ාදේශ කිරීම් 3 ක්ද, ගුවන් හමුදා කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 4 ක්ද සිදු කළහ.


අදහස් (1)

හැව්ලොක් පිලෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්
  • amila Monday, 07 February 2022 09:31 AM

    රග්බි ගහන ෆොන්සේකාලා...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.