Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අපරාජිත හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත්වී තිබේ. ඉකුත් සෙනසුරාදා (12 වැනිදා) සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව හැව්ලොක් පිටියේදී පැවැති තරගයෙන් ලකුණු 20-17 ක ජයක් ලැබීමත් සමග හැව්ලොක් ක්‍රීඩකයෝ ලකුණු සටහනේ පෙරමුණ ගත්හ.
මේ දක්වා තරග හතරකට සහභාගි වී සිටින හැව්ලොක් කණ්ඩායම එම තරග හතරෙන්ම ජය ලබා අපරාජිතව සිටින අතර ඉන් තරග දෙකක් ජයගැනීමට ඔවුන් සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණුද සමගිනි. මේ දක්වා සහභාගි වූ සෙසු තරගවලදී ලකුණු 26-22 ක් ලෙස ගුවන් හමුදාවද, ලකුණු 36-14 ක් ලෙස යුද හමුදාවද, ලකුණු 21-05 ක් ලෙස නාවික හමුදාවද පරාජය කිරීමට හැක්ලොක්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.
තරග 3 කට සහභාගි වී ප්‍රසාද ලකුණුද සමග එම තරග 3 ම ගෙන සිටින මහනුවර ක්‍රීඩා සමාජයට සිවුවැනි සතිය අවසානයේදී පළමු වරට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුව තිබේ. අපරාජිත බව රැකගනිමින් තරගාවලියේ පළමු සති තුනේදීම ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියේ මහනුවර කණ්ඩායමය.
මහනුවර කණ්ඩායමට ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට හේතුවී ඇත්තේ යුද හමුදා කණ්ඩායමට එරෙහිව ඉකුත් ඉරිදා (13 වැනිදා) හැව්ලොක් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය කොවිඩ් වයිරසයේ බලපෑම හේතුවෙන් මාර්තු මස 12 වැනිදා දක්වා කල් දැමීමට සිදුවීමය.
මේ දක්වා සහභාගි වූ තරග 4 න් තරග 2 ක් ජයගෙන, තරග 2 ක් පරාජය වී සිටින නාවික හමුදාව ලකුණු 11 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථනයේ රැදී සිටියි. සිවුවැනි සතියේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 18-13 ක ජයක් වාර්තා කරමින් නාවික හමුදා ක්‍රීඩකයෝ සිය දෙවැනි ජය ලැබූහ.
සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය මේ දක්වා ඔවුන් සහභාගි වූ තරග 4 න් එක් තරගයක් ජයගෙන, තරග 2 ක් පරාජයට පත්වී, සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමින් ලකුණු 9 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවෙයි. එක් තරගයක් ජයගෙන, තරග 3 ක් පරාජයට පත්ව ලකුණු 6 ක් ලබා සිටින ගුවන් හමුදාවට ලකුණු සටහනේ 5 වැනි ස්ථානය හිමිව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.