ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (29) පැවැති තරගයේදී හැව්ලොක්ස් පිල ලකුණු 45-16 කින් සත්කාරක ගුවන් හමුදා පිල පරාජය කළේය.
හැව්ලොක්ස් පිලට ගෝල 5 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු එකතු විය. ගුවන් හමුදාව ගෝලයකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු ලැබීය.
හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 21-9 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට පෙරමුණ ගැනීමට සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.