Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.එච්. ක්‍රීඩකයෝ යුද හමුදාව පරදවති
අන්තර් සමාජ ලීග් රග්බි

සී.එච්. ක්‍රීඩකයෝ යුද හමුදාව පරදවති

editorial - 2022 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර අද (25 වැනිදා) හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති තරග‍යෙන් ලකුණු 33-23 ක ජයක් වාර්තා කිරීමට සී.එච්. ක්‍රීඩා සමාජය සමත් විය. මේ දක්වා තරග 5 කට සහභාගි වී සිටින සී.එච්. ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය‍.

උත්සාක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් සමග ලකුණු රැස්කළ යුද හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 11-05 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. සී.එච්. ක්‍රීඩා සමාජය පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් සමගිනි. තරගයේ 5 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් අෂාන් ඩාර්ලින් සී.එච්. කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය.

පළමු අර්ධයේදී 10 වැනි විනාඩියේදී ධනුක විජේතිලක යුද හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර 8 වැනි සහ 34 වැනි විනාඩිවලදී යුද හමුදාවට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ තරිඳු මධුෂාන් හෙට්ටිආරච්චි විසිනි. ඒ අනුව සී.එච්. ක්‍රීඩා සමාජයට වඩා ලකුණු 6 ක් ඉදිරියෙන් සිටිමින් යුද හමුදාව පළමු අර්ධය නිමා කළේය.

දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලි ලෙස තරගයට අවතීර්ණ වූ සී.එච්. ක්‍රීඩකයෝ ගෝල දිනුම් 4 ක් වාර්තා කරද්දී, යුද හමුදා කණ්ඩායමට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුමකින් පමණි. යුද හමුදාව වෙනුවෙන් සුදාරක දික්කුඹුර (63 වැනි විනාඩියේදී) සහ ධනුෂ්ක තලවත්ත (69 වැනි විනාඩියේදී) යුද හමුදාව වෙනුවෙන් එම උත්සාහක දිනුම් දෙක ලබාගත් අතර තරිඳු මධුෂාන් හෙට්ටිආරච්චි ඉන් පළමු වැන්නේ ප්‍රවර්ථනය සාර්ථකය කර ගත්තේය.

සී.එච්. ක්‍රීඩා සමාජය වෙනුවෙන් කුෂාන් ඉඳුනිල් 41 වැනි විනාඩියේදීද, හිරන්ත පෙර්රා 46 වැනි විනාඩියේදීද, ඔමල්ක ගුණරත්න 51 වැනි විනාඩියේදීද, මොහොමඩ් අබ්සාල් 56 වැනි විනාඩියේදීද පිට පිටම උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් 4 හිම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනිමින් ඒවා ගෝල දිනුම්  බවට පත්කරනු ලැබුවේ රෝහිත රාජපක්ෂ විසිනි.

යුද හමුදා කණ්ඩායමේ අභිෂේක් ප්‍රනාන්දු තරග‍යේ 59 වැනි විනාඩියේදී  විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පතක් ලැබීය. මෙම තරගය තුළදී සී.එච්. කණ්ඩායම ක්‍රීඩක අ‍ාදේශ කිරීම් 6 ක්ද, යුද හමුදා කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 6 ක්ද සිදු කළහ. 


අදහස් (0)

සී.එච්. ක්‍රීඩකයෝ යුද හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.