Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර අද (18 වැනිදා) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 28-22 ක ජයක් වාර්තා කිරීමට සී.එච්. ක්‍රීඩා සමාජය සමත් විය. මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති සී.එච්. කණ්ඩායම එහිදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.
ගෝල දිනුම් 4 ක් සමග ලකුණු රැස්කළ සී.එච්. ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 28-05 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. නාවික හමුදාව පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් පමණි. තරගයේ 27 වැනි විනාඩියේදී නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් ජනිත් ලක්සර එම උත්සාහක දිනුම ලබාගත්තේය.
සැමුවෙල් නොසයබා 7 වැනි විනාඩියේදීද, රෝහිත රාජපක්ෂ 10 වැනි විනාඩියේදීද, අවන්ත ලී 35 වැනි විනාඩියේදීද සහ ප්‍රසාත් මධුෂංක 39 වැනි විනාඩියේදීද සී.එච්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් හතරේම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ රෝහිත රාජපක්ෂ විසිනි.
දෙවැනි අර්ධයේදී සී.එච්. කණ්ඩායමට ලකුණු රැස්කිරීමට ඉඩක් ලබා නොදුන් නාවික හමුදා ක්‍රීඩකයෝ, එහිදී ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් සමග ලකුණු 17 ක් රැස්කළහ. කෙසේ වුවත් පළමු අර්ධයේදී රඳවාගත් ලකුණු පරතරය අනුව තරගයේ ජයග්‍රහණය සී.එච්. කණ්ඩායමට හිමිවිය.
එහිදී අදීෂ වීරතුංග (45 වැනි විනාඩියේදී) සහ නිරෝෂ් පෙරේරා (52 වැනි විනාඩියේදී) නාවික හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළහ. එම උත්සාහක දිනුම් දෙකේ ප්‍රවර්ථනයන් සහ 70 වැනි විනාඩියේදී නාවික හමුදාවට හිමිවූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට චතුර සෙනෙවිරත්න සමත් විය.
නාවික හමුදා කණ්ඩායමේ ජනිත් චන්දිමාල් තරගයේ 32 වැනි විනාඩියේදීද, සී.එච්. ක්‍රීඩා සමාජ කණ්ඩායමේ කලිඳු කාරියවසම් සහ ඔමල්ක ගුණරත්න 42 වැනි සහ 50 වැනි විනාඩිවලදීද විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. මෙම තරගය තුළදී සී.එච්. කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 4 ක්ද, නාවික හමුදාව ක්‍රීඩක ආදේශ කිරීම් 5 ක්ද සිදු කළහ.
පස්වැනි සතියේ තවත් තරග තුනක් හෙට (19 වැනිදා) සහ අනිද්දා (20 වැනිදා) පැවැත්වීමට නියමිතය.
අද පැවැත්වෙන තරගවලදී පොලිසියට එරෙහිව හැව්ලොක් ක්‍රීඩා සමාජය බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදීද, ගුවන් හමුදාවට එරෙහිව යුද හමුදාව රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීද තරග බිමට පිවිසීමට නියමිතය. මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර තරගය හෙට පැවැත්වෙන්නේ නිත්තවෙලදීය.
(ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.