අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තරගාවලියේ තෙවැනි සතියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (11) පස්වරුවේ පැවැති තරගයෙන් සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 31-0 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
සාන්ත තෝමස් විදුහල පිට පිටම ලැබූ අටවැනි ජයත් සමග තව දුරටත් අපරාජිතව සිටියි.
ජයග‍්‍රාහි සාන්ත තෝමස් විදුහල ගෝල 4 කින් සහ දඩුවම් පහරකින් ලකුණු 31 රැස් කළේය.
සාන්ත තෝමස් විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.