Last Update  :  2026-03-18 19:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සාන්ත තෝමසුවෝ දෙවැනි අර්ධයේදී ජය ලබති

සාන්ත තෝමසුවෝ දෙවැනි අර්ධයේදී ජය ලබති

editorial - 2026 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය යටතේ ඉරිදා (15 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 31-24 ක් ලෙස මහනුවර ශ්‍රී සුමංගල විදුහල පරාජය කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය. 

හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ලකුණු 17-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සුමංගල විදුහල සමත් විය. එහිදී සුමංගල විදුහල ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර සාන්ත තෝමස් විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධ අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ සාන්ත තෝමසුවෝ, ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 19 ක් රැස්කළහ. එහිදී සුමංගල ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 7 කින් සුමංගල විදුහල පරාජය කිරීමට සාන්ත තෝමස් විදුහල සමත් විය. 


අදහස් (0)

සාන්ත තෝමසුවෝ දෙවැනි අර්ධයේදී ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.