Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සහිරාට 26-8 ක ජයක්

සහිරාට 26-8 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උත්සාහක මහනුවර ධර්මරාජ විදුහල් පිලට එරෙහිව ලකුණු 26-8 ක ජයක් ලැබූ මරදාන සහිරා විදුහල අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයට රිංගා ගැනීමට ඊයේ සමත්විය. සහිරා විදුහල් පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයේ දී සහිරා පිල ගෝල 3 ක් සහ උත්සාහක දිනුමක් තැබූ අතර ධර්මරාජය රැස් කළේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.

නායක භවන්ත උඩංගමුව සාර්ථක කරගත් දඬුවම් පහරකින් තරගයේ 15 වැනි මිනිත්තුවේදී ලකුණු 3-0කින් පෙරමුණ ගැනීමට ධර්මරාජය සමත්වූවත් ඊට මොහොතකට පසුව අම්ජාඞ් ෆවුමි තැබූ  අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ සෙන්ටර් ක්‍රීඩක මින්හාජ් සම්සුඩීන් ලකුණු 7-3කින් සහිරා පිල ඉදිරියට ගෙන ගියේය. අනතුරුව ඔහු හුකර් ක්‍රීඩක ශමීම් නසාර් තැබු උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් සිය කණ්ඩායම ලකුණු 14-3කින් ඉහළට ඔසවා තැබුවේය.

තරගයේ පළමු භාගය නිමාවට පෙර සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ අම්ජාඞ් සහිරා විදුහල් පිල ලකුණු 19-3කින් ඉදිරියට ගෙන ගියේය.

දැඩි පීඩනයට පත්ව සිටි ධර්මරාජ විදුහල් පිලේ ක්‍රීඩකයන් දෙවැනි භාගය ආරම්භයේ වැඩි කළබළයකට පත්වීම නිසා නීති විරෝධී ක්‍රීඩා  රටාවක් පෙන්නුම් කිරීමෙන් තරග තීරකවරයාගේ උදහසට ලක්වූහ. මේ හේතුවෙන් සහිරා විදුහල් පිලට පැනල්ටි ට්‍රයි අවස්ථාවක් ලබාදීමට තරග තීරකවරයා කටයුතු කළ අතර එමගින් සහිරා විදුහල් පිල ලකුණු 26-3කින් ඉදිරියට ගියේය.

වින්ග් ක්‍රීඩක ගයාන් මධුසංඛ තැබූ අගනා උත්සාහක දිනුමක් නිසා ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉහළ දමාගැනීමට ධර්මරාජයට හැකිවූවත් සහිරා පිලට සටනක් දීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.


සහිරා විදුහල - ලකුණු 26 යි
■    උත්සාහක දිනුම්
අම්ජාඞ් ෆවුමි 2 යි, ශමීම් නසාර් 1 යි
■    ප්‍රවර්තන
මින්හාජ් සම්සුඩීන් 2 යි


ධර්මරාජ විදුහල - ලකුණු 08 යි
■    උත්සාහක දිනුම්
ගයාන් මධුසංඛ 1යි
■    දඬුවම් පහර
භවන්ත උඩංගමුව 1යි

 


අදහස් (0)

සහිරාට 26-8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.