අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තරගාවලියේ තෙවැනි සතිය යටතේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩාංගණයේදී අද (11) පස්වරුවේ පැවැති තරගයේදී ශාන්ත පීතර විදුහල් පිල ලකුණු 31-22 කින් කොළඹ වෙස්ලි විදුහල පරාජය කිරීමට සමත් විය.
ජයග‍්‍රාහි ශාන්ත පීතර විදුහල ගෝල 3 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලැබීය. වෙස්ලි විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස් කළේය.
ශාන්ත පීතර විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-7 ක් ලෙස පෙරමුණේ පසුවිය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.