Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පුදුමාකාර අන්තර් පාසල් අවුරුදු 20න් පහළ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ මරදාන සහිරා විදුහල් පිල සමඟ පැවැති සිය පළමු තරගය ලකුණු 48-12 කින් ජයගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිල සමත්විය.
හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ ආරම්භයේ සිටම අභියෝගාත්මක ක්‍රීඩා විලාසයක නිරතවූ ශාන්ත පීතර විදුහල් පිලේ ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් වර්ෂාවකින් සහිරා පිල තෙමා දැමීමට සමත්වූ අතර ඉන් 4 ක්ම ගෝල බවට ප්‍රවර්තනය කරමින් දැවැන්ත ජයග්‍රහණයකට හිමිකම් කීහ.
තරගය පුරා කැපී පෙනෙන ක්‍රීඩා රටාවක නිරතවූ ශාන්ත පීතර විදුහල් පිලේ සෙන්ටර් ක්‍රීඩක රවීන් ප්‍රනාන්දු උත්සාහක දිනුම් 3ක්ම තැබීමට සමත්වූ අතර එම විදුහල් පිල තැබූ උත්සාහක දිනුම් 4ක් ගෝල බවට ප්‍රවර්තනය කරනු ලැබුවේ ශෙහාන් ලියනපතිරණ විසිනි.
තරගයේ පළමු මිනිත්තු 15 ඇතුළත උත්සාහක දිනුම් 3ක් තැබූ ශාන්ත පීතර විදුහල් පිල තරගයේ පාලනය සියතට ගැනිමට සමත්වූයේ ඉන් 2ක්ම ගෝල බවට ප්‍රවර්තනය කරමිනි. අනතුරුව ලංකේෂ් පෙරේරා සහ රවීන් ප්‍රනාන්දු උත්සාහක දිනුම් 2ක් තැබූහ.
දෙවැනි භාගයේ ආරම්භයේදී අගනා උත්සාහක දිනුමක් තැබූ නායක මුවම්මර් ඩීන් සහිරා විදුහල් පිලේ ලකුණු ඉඩෝරය නතර කළ අතර එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමට මින්හාඞ් සම්සුදීන් සමත්වීය. එහෙත් ඉන් පසුව තවත් උත්සාහක දිනුම් 2ක් තැබීමට රවීන් ප්‍රනාන්දු සමත්වීමත් සමග තරගයේ ජයග්‍රහණය ශාන්ත පීතර විදුහලට අත්විය.
තරගය නිමාවීමට පෙර මුවම්මර් ඩින් තැබූ දෙවැනි උත්සාහක දිනුමෙන් සහිරා විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගියේය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.