
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය යටතේ බදාදා (11 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 45-03 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ශාන්ත පීතර විදුහල ලකුණු 19-03 ක් ලෙස පෙරමුණ ගත්තේය. එහිදී ශාන්ත පීතර විදුහල ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර ආනන්ද විදුහල ලකුණු ලබාගත්තේ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධ අර්ධයේදී ආනන්ද ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට කිසිදු ඉඩක් ලබා නොදුන් ශාන්ත පීතර ක්‍රීඩකයෝ, ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් මගින් තවත් ලකුණු 26 සිය ලකුණු මල්ලට එක්කර ගත්හ. ඒ අනුව තරගයේ නියමිත කාලය නිමාවට පත්වන විට ලකුණු 42 කින් ආනන්ද විදුහල පරාජය කිරීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.