Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට පළමු තරගයට ක්‍රීඩා නොකළ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙක් වන තරින්ද රත්වත්තේ, හේෂාන් ජැන්සන් සහ දිනාල් ඒකනායක කැඳවීමට රග්බි තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දෙවැනි තරගය කොළඹ, පැරණි තුරඟ තරග පිටියේදී හෙට පස්වරු 6.30 සිට විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.
ආබාධ තත්වයක් හේතුවෙන් තරින්දට පළමු තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ අතර හේෂාන් සහ දිනාල් එහිදී විවේක ගන්වමින් නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමට රග්බි තේරීම් කමිටුව පියවර ගෙන තිබිණ. කෙසේ වුවත් පළමු තරගයේදී නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායම හමුවේ ලකුණු 50-10 දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙන් දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව පළමු තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 8 දෙනෙකු ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කරමින් ඔවුන් වෙනුවට වෙනත් ක්‍රීඩකයන් 10 දෙනෙකු සංචිතයට එක් කිරීමට සුදත් සම්පත් මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව කටයුතු කර ඇත. ඊට ඇතුළත්ව සිටින තරින්ද, හේෂාන් සහ දිනාල් යන ක්‍රීඩකයන් තිදෙනාම මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනට කරන ක්‍රීඩකයන් වන අතර ඔවුන් අතරින් දිනාල් ඉකුත් අප්‍රේල් මාසයේදී මැලේසියාවට එරෙහිව පැවැති තරගයේදී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළ ක්‍රීඩකයාද විය.
එහිදී පළමු තරගයට ක්‍රීඩා කළ ශාමික කෞෂාන්, කවිඳු පෙරේරා, හිරන්ත පෙරේරා, ජයතු රාජරත්න, පසිඳු බණ්ඩාර, චතුර සොයිසා, දිනේෂ් ද සිල්වා සහ සන්දේෂ් ජයවික්‍රම යන ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමිවී ඇත. ඔවුන් වෙනුවට තරින්ද රත්වත්තේ, හේෂාන් ජැන්සන්, දිනාල් ඒකනායක, ලසිඳු කරුණාතිලක, පුලස්ති දසනායක, ජනිඳු දිල්ෂාන්, ධනුෂ්ක රන්ජන්, තරිඳු චතුරංග, අකාෂ් මධුෂංඛ සහ තේනුක නානායක්කාර යන ක්‍රීඩකයෝ සංචිතයට කැඳවා සිටිති.
දෙවැනි තරගය සඳහා වන ශ්‍රී ලංකා රග්බි සංචිතය
නයිජල් රත්වත්තේ (නායක), ජනිඳු ප්‍රනාන්දු, පුලස්ති දසනායක, තනූජ ජයවීර, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, මොහොමඩ් නිස්රාන්, ලසිඳු කරුණාතිලක, හේෂාන් ජැන්සන්, ජනිඳු දිල්ෂාන්, තරින්ද රත්වත්තේ, ධනුෂ්ක රන්ජන්, තරිඳු චතුරංග, දිනාල් ඒකනායක, වෙනුර කෝදාගොඩ, විමුක්ති ගමගේ, හෆීස් තාබිත්, සෙනුර පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ශාහිඩ් සුම්රි, මොහොමඩ් රිෆාන්, ළහිරු තිලකරත්න, අකාෂ් මධුෂංඛ, දැහැන් වික්‍රමාරච්චි සහ තේනුක නානායක්කාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.