අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තරගාවලියේ රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (04) පස්වරුවේ පැවැති තරගයේදී ගල්කිස්ස විද්‍යා විදුහල් පිල ලකුණු 11-7 කින් කොළඹ වෙස්ලි විදුහල පරාජය කිරීමට සමත් විය.
තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර එහි ප‍්‍රතිඵලයෙන් පළමු අර්ධය අවසන් වන විට විද්‍යා විදුහල ලකුණු 5-0 කින් පමණක් ඉදිරියෙන් සිටියේය.
විද්‍යා විද්‍යාලය උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබීය. වෙස්ලි විදුහල ගෝලයක් පමණක් සම්පූර්ණ කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.