Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වෙස්ලි කී‍්‍රඩකයෝ පළග ශූරතාව දිනති

වෙස්ලි කී‍්‍රඩකයෝ පළග ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් රග්බි සංගමය විසින් මෙහෙයවන ලද වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට වෙස්ලි විදුහල සමත් විය.  

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට අනු ශූරතාව හිමිවිය.
වෙස්ලි විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර අද (22) නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් වෙස්ලි විදුහල ලකුණු 19-17 ක තියුණු ජයක් ලබමින් පළඟ ශූරතාව හිමිකර ගත්තේය. ගල්කිස්සේදී ඊයේ පැවැති තරගයේදී ලකුණු 41-5 කින් කොළඹ මහානාම විදුහල පාරජය කළ බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල විසින් තෙවැනි ස්ථානය හිමිකර ගන්නා ලදි.

වෙස්ලි, ශාන්ත අන්තෝනි සහ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර යන විදුහල් ලබන වසරේ පළමු කොටසේ ක‍්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා සිටිති.

මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ද, කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර සී. ආර්. පිටියේදී ද, හෙට (23) පැවැත්වෙන තරග දෙකේ ප‍්‍රතිඵල අනුව පළමු කොටසට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තීරණය වේ.

මෙහිදී වේල්ස් කුමර විදුහලට සහ ධර්මරාජ විදුහලට පළමු කොටසට පැමිණීමට වැඩි අවස්ථාව තිබේ.

 

 


අදහස් (0)

වෙස්ලි කී‍්‍රඩකයෝ පළග ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.