Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වැලිසරදී උණුසුම් ගැටුමක පෙරනිමිති

වැලිසරදී උණුසුම් ගැටුමක පෙරනිමිති

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ඩයලොග් ලීග් පළමු පෙළ රග්බි තරගාවලියේ ආරම්භයේ සිටම සතියෙන් සතිය හුවමාරු වන පළමු ස්ථානය සිවුවැනි වටය නිමාවනවිට අපරාජිත හැව්ලොක්ස් පිලට හිමිවී තිබේ. එතෙක් පෙරමුණේ සිටි අපරාජිත අනික් කණ්ඩායම වන ශී‍්‍ර ලංකා නාවික හමුදා පිල දෙවැනි තැනට පත්ව ඇත.

කෙසේවෙතත් පස්වැනි සතියේදී දැඩි ආක‍්‍රමණශීලී තරග රටාවක උණුසුම දනවන තරගවලට මුහුණදීමට දෙපිලටම සිදුවී ඇති බැවින් ඊළග දින කිහිපයෙන් පසුව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගන්නා කණ්ඩායම ගැන අනාවැකි පළ කිරීම අසීරු කරුණක් වී තිබේ.

හෙට (2)  පස්වරුවේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පිල සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම අතර කොළඹ තුරග තරග පිටියේ පැවැත්වෙන තරගයෙන් පස්වැනි සති අන්තයේ තරග වටය ඇරැඹෙයි.

පසුගිය සතියේ දී සී.ආර්.පිල වෙතින් දැඩි ප‍්‍රහාරයකට ලක්වී පස්වැනි තැනට ඇද වැටී සිටින ගුවන් හමුදා පිල බලා සිටින්නේ සියලූ තරග පරාජයට පත්වී අන්තිම අඩියටම වැටී සිටින දුර්වල සී. එච්. පිල තලා දමා ප‍්‍රසාද ලකුණු මල්ල තර කරගැනීමටය.

මේ දක්වා සිය අපරාජිතභාවය රැකගෙන සිටින හැව්ලොක්ස් පිල අනිද්දා (3) යුද හමුදා පිලට සත්කාරකත්වය දෙන්නේ තවදුරටත් ජය මාවතේ ඉදිරියට යාමේ අටියෙනි. එහෙත් පසුගිය සති අන්තයේ දී අපරාජිත නාවික හමුදා පිල පරාජයේ එළිපත්තටම ඇදගෙන ගිය යුද හමුදා පිල එම තරගයෙන් පරාජයට පත්වූයේ 25-24 ක් ලෙස එක් ලකුණකිනි. එබැවින් අනිද්දා තරගය හැව්ලොක්ස් පිලට ලෙහෙසි වන්නේ නැති බැව් සහතිකය.

ප‍්‍රසාද ලකුණු සටහනේ ලකුණු 12 ක් ලබා සිවුවැනි තැන පසුවන සී.ආර්.පිල එදිනම සවස පොලිස් කණ්ඩායමට සත්කාරකත්වය ලබා දෙන්නේ වැඩි ලකුණු ප‍්‍රමාණයකින් තරගය ජයගෙන ලකුණු සටහනේ තවත් ඉහළට නැගීමේ බලාපොරොත්තුව පොදි බැඳගෙනය.

සියලූ තරග අතර මේ සති අන්තයේ කාගෙත් අවධානයට යොමුවන තරගය බවට පත්වී ඇත්තේ අපරාජිතව දෙවැනි තැන අත්කරගත් නාවික හමුදා පිල සහ තුන්වැනි තැන රැඳී සිටින මහනුවර කී‍්‍රඩා සමාජය අතර තරගයයි. කවදත් වැඩි උණුසුමක් ගන්නා මහනුවර සහ නැවියන්ගේ රග්බි තරගය ලබන ඉරිදා (4) වැලිසර නාවික හමුදා පිටියේ පැවැත්වෙයි.

මෙවර තරගාවලියේ ආරම්භයේදී පෙරමුණ ගත් පසුගිය වසරේ ශූරයන් වන මහනුවර පිල දෙවැනි සති අන්තයේදී ගුවන් හමුදා පිල අතින් අනපේක්ෂිත පරාජයක් වැළඳගත්තාට පසුව මෙතෙක් පළමු ස්ථානය අත්පත් කරගැනීමට සමත්වී නොමැත. එහෙත් ඉරිදා තරගය උදාවනතුරු මහනුවර පිල සිය දස්කම් මුවහත් කරමින් සිටින්නේ නාවික හමුදා පිලේ අපරාජිතභාවය බිඳ දමා මේ සතියේදිවත් යළි ලකුණු සටහනේ ඉහළට යාමටය.

එහෙත් පහසුවෙන් පරාජය වැළඳ ගැනීමට සූදානම් නැති නාවික හමුදා පිල කැස කවමින් සිටින්නේ මහනුවර පිල පරදවා තව දුරටත් අපරාජිතභාවය රැකගෙන යළි ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අත්පත් කරගැනීමටය.
 

 


අදහස් (0)

වැලිසරදී උණුසුම් ගැටුමක පෙරනිමිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.