
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය යටතේ ඉරිදා (15 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 34-13 ක් ලෙස මහනුවර ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට රාජකීය විදුහල ලකුණු 20-10 ක් ලෙස පෙරමුණ ගත්තේය. එහිදී රාජකීයයන් ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගත් අතර ශාන්ත අන්තෝන ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු 14 ක් රැස්කිරීමට රාජකීය විදුහල සමත් වෙද්දී, ශාන්ත අන්තෝනි විදුහලට ලබාගත හැකි වූයේ දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. ඒ අනුව නියමිත වේලාව නිමාවන විට ලකුණු 21 ක පහසු ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.