Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ වත්මන් රග්බි පුහුණුකරුවා වන ලොටේ රයිකබුලා මීලඟ රග්බි වාරයේදී සි.එච්. පිලේ පුහුණුකරු ධූරයේ වගකීම බාර ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ. තරගාවලි කිහිපයකදීම පසුබැස සිටි සී.එච්. ඇන්ඞ් එෆ්.සී. පිල වෙනස්කම් රැසකින් යුතුව මෙවර රග්බි වාරයට සූදානම් වෙමින් සිටී.
වසර දෙකක කාලයක් පුරා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටින රයිකබුලා පාසල් තරගාවලියේ අවසානයත් සමගම සියරට බලා යාමට නියමිත අතර නොවැම්බර් මාසයේදී අන්තර් සමාජ තරගාවලියට පෙර නැවත පැමිණීමට සූදානමින් සිටී.
ලොටේ රයිකබුලා අන්තර්ජාතික රග්බි සංගමය විසින් මෙහෙයවන ලද සත් සාමාජික තරගාවලි 60 කට සහභාගී වී ඇති අතර එයින් තරගාවලි 20ක ජයග්‍රහණ හිමිකරගත් කණ්ඩායම් නියෝජනය කර තිබේ.
තවද නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරමින් පස් වතාවක් ලෝක සත් සමාජික රග්බි ශූරතාවයද දිනා ඇති රයිකබුලා 2006 වර්ෂයේ මෙල්බර්න් හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී හා 2010 වර්ෂයේ නව දිල්ලයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙදී රන් පදක්කම් දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකි.
කිංග්ස්වුඞ් සහ නාවිකා හමුදා කණ්ඩායම්වල හිටපු ප්‍රධාන පුහුණුකරු රොනී ඊබ්රහීම් මහතා 2018/19 තරග වාරය සඳහා සී.එච් පිලේ රග්බි උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතය.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.