Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 19න් පහළ ආසියානු රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී හොං කොං පිල හමුවේ ලකුණු 40-7 ක පරාජයක් අත්විඳගැනීමට ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලට සිදුවිය. මෙම තරගය ඊයේ (16 වැනිදා) හොං කොං හිදී පැවැත්විණ.
තරගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිල දැඩි පීඩනයකට ඇද දැමූ හොංකොං යෞවනයෝ පළමු භාගය නිමාවනවිට ලකුණු 14-7 කින් පෙරමුණ ගැනීමට සමත්වූහ. හෙං කොං පිල සමස්ත තරගයේදී ගෝල දිනුම් 5 ක් සහ උත්සාහක දිනුමක් තැබුවේය. ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ගෝලයක් පමණි.
චමෝද් ප්‍රනාන්දු තැබූ උත්සාහක දිනුමක් රැන්ඩි සිල්වා විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබුවේ තරගයේ පළමු භාගයේදීය.
මෙහි පළමු අදියරේ තරගය පසුගියදා කොළඹ තුරඟ තරග පිටියේ පැවැති අතර එහිදී ලකුණු 37-8 ක ජයක් වාර්තා කරනු ලැබුවේ ද හොංකොං පිල විසිනි. සමස්ත තරගයේදී ලකුණු 77-15 ක ජයක් වාර්තා කිරීමට හොං කොං පිල සමත් වූයේය.
ඒ අනුව අවුරුදු 19න් පහළ ආසියානු රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගත් හොංකොං පිල ලබන වසරේ පැවැත්වෙන අවුරුදු 20න් පහළ ලෝක කුසලාන රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබන දෙවැනි රට බවට පත්විය. ඊට පෙර ජපානයද එම තරගාවලිය සඳහා සුදුසුකම් ලබ සිටියේය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.