Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස රංජිත් චන්ද්‍රසේකර මහතා තේරී පත්විය. කොළඹ රාජකීය විද්‍යලීයය රැස්වීම් ශාලාවේ පැවැති පාසල් රග්බි සංගමයේ වාර්ෂික නිලවරණයේදී වැඩි ඡන්ද 30 කින් ඉසිපතන විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතා පරදවා චන්ද්‍රසේකර මහතා සභාපති තනතුරට පත්විය.
රංජිත් චන්ද්‍රසේකර මහතාට ඡන්ද 48ක් ලැබුණු අතර ඈපා මහතාට ලැබී තිබුණේ ඡන්ද 18ක් පමණි.
මිට පෙර වසර 2003-2006 කාලයේ සහ 2012-2016 කාලයේ පාසල් රග්බි සංගමයේ සභාපතිධුරය දරමින් වැඩිම කාලයක් එම සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ චන්ද්‍රසේකර මහතා මහනුවර කිංස්වුඞ් විදුහලේ හිටපු විදුහල්පතිවරයාය. චන්ද්‍රසේකර මහතා මේ වන විට දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කරයි.
මෙවර නිලවරණයේදී සහාපති තනතුර සහ භාණ්ඩාගාරික තනතුරු සඳහා පමණක් ඡන්ද විමසීමක් පැවැති අතර සෙසු තනතුරු සඳහා නිලධාරීහු නිතරගයෙන් පත්වූහ.
භාණ්ඩාගාරික තනතුර සඳහා හිටපු භාණ්ඩාගාරික කේ.එස්.පී.කරුණාරත්න මහතා වැඩි ඡන්ද 4 කින් පත්විය. කරුණාරත්න මහතා ඡන්ද 30ක් ලැබූ අතර භාණ්ඩාගාරික තනතුරට තරග කළ අමල් ජයසූරිය මහතා ලැබුවේ ඡන්ද 26ක් පමණි.
පාසල් රග්බි සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ලෙස හිටපු ලේකම් සුසන්ත මෙන්ඩිස් මහතා පත්විය.
ලේකම්ධුරය සඳහා පාසල් රග්බි සංගමයේ හිටපු භාණ්ඩාගාරිකවරයකු වූ නිරෝධ විජේරාම මහතා පත්වූ අතර උපලේකම් තනතුරට ශ්‍රීනාත් ද සිල්වා මහතා පත්විය.
සභාපති : රංජිත් චන්ද්‍රසේකර
ජ්‍යෙෂ්ඨ උප සභාපති : සුසන්ත මෙන්ඩිස් (විදුහල්පති - විද්‍යා විද්‍යාලය)
උප සභාපතිවරු : ප්‍රේමසිරි ඈපා (ඉසිපතන), බුද්ධික අත්තනායක (නුගේගොඩ ශා. ජෝන්), කේ. ජී. විමලසේන (ලුම්බිණි), නදිත් ජයවීර (ලලිත් ඇතුළත්මුදලි විදුහල), ටි්‍රස්ලි මරික්කාර් (මරදාන සහිරා), ඇන්ඩෲ ෆවුලර් (ත්‍රිත්ව), සම්පත් වේරගොඩ (රිච්මන්ඞ්), ඩබ්ලිව්. එම්. සමන් ඉන්ද්‍රරත්න (මලියදේව) සහ ගාමිණී රාජදාස (ඇහැළියගොඩ මවි)
ලේකම් : නිරෝධ විජේරාම (ශා. ජෝන් - නුගේගොඩ)
උප ලේකම් : ශ්‍රීනාත් ද සිල්වා (මහනුවර සුමංගල විද්‍යාලය)
භාණ්ඩාගාරික : කේ. එස්. පී. කරුණාරත්න (ඉහළ තල්දූව විද්‍යාලය, අවිස්සාවේල්ල)
උප භාණ්ඩාගාරික : ප්‍රසන්ත රණවීර (මරදාන ශා. ජෝෂප් විදුහල)
තරගාවලි ලේකම් : ගාමිණී සරත්චන්ද්‍ර (රාජකීය විද්‍යාලය)
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.