Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර - හැව්ලොක්ස් තියුණු සටනක
රග්බි ලීග් තරගාවලිය

මහනුවර - හැව්ලොක්ස් තියුණු සටනක

editorial - 2022 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ තෙවැනි සතිය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ සඳහා මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර තියුණු සටනක් නිර්මාණය වී තිබේ.

කණ්ඩායම් දෙකම මේ දක්වා තරග තුනකට බැගින් සහභාගි වී, එම තරග තුනෙන්ම ජය ලබා අපරාජිතව සිටිති. එහෙත් ලකුණක පරතරයකින් මහනුවර ක්‍රීඩා සමාජය (ලකුණු 18) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර හැව්ලොක් ක්‍රීඩා සමාජය (ලකුණු 17) එහි දෙවැනි ස්ථානයේ පසුවේ.

තරග 3 බැගින් ජයගෙන සිටියද, එහිදී ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යා අනුව කණ්ඩායම් දෙක අතර මෙම ලකුණක පරතරය නිර්මාණය වී තිබේ. තමන් සහභාගී තරග 3 ම ප්‍රසාද ලකුණද සමග ජයගැනීමට මහනුවර කණ්ඩායම සමත් වෙද්දී, හැව්ලොක් කණ්ඩායම ප්‍රසාද ලකුණ ලබාගෙන ඇත්තේ ඔවුන් ලැබූ ජයග්‍රහණ 3 න් 2 කදී පමණි.

තෙවැනි සතියේ තරගවලදී නාවික හමුදාවට එරෙහිව ලකුණු 35-30 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූ අතර ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 26-22 ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩකයෝ සමත් වූහ.

සිවුවැනි සතියේ තරගවලදී සී.එච්. ක්‍රීඩා සමාජයට එරෙහිව හැව්ලොක් ක්‍රීඩා සමාජය සෙනසුරාද (12 වැනිදා) පස්වරු 6.30 ටද, යුද හමුදාවට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජය ඉරිදා (13 වැනිදා) පස්වරු 4.00 ටද හැව්ලොක් පිටියේදී තරග බිමට පිවිසීමට නියමිතය.

එම තරග 2 ට අමතරව තවත් තරග දෙකක් සිවුවැනි සතියේදී පැවැත්වීමට නියමිත අතර එහිදී නාවික හමුදාවට එරෙහිව සී.ආර්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය සෙනසුරාදා වැලිසරදීද, පොලිසියට එරෙහිව ගුවන් හමුදාව ඉරිදා පොලිස් පිටියේදීද තරග වැදීමට නියමිතය.

මේ දක්වා සහභාගි වූ තරග 3 න් තරගයක් ජයගෙන, තරගයක් පරාජය වී, තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන සිටින සී.ආර්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 8 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථනයේ රැදී සිටියි. තෙවැනි සතියේදී ලකුණු 27-22 කින් සී.එච්. ක්‍රීඩා සමාජය පරාජය කරමින් සී.ආර්. ක්‍රීඩකයෝ සිය පළමු ජය ලැබූහ.

නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඔවුන් සහභාගි වූ තරග තුනේදී තරගයක් ජයගෙන, තරග 2 ක් පරාජයට පත්වී ලකුණු 6 බැගින් ලබා සිටියි. එහෙත් ලබාගත් ලකුණු සහ ලබාදුන් ලකුණු අතර පරතරය අනුව නාවික හමුදාවට ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයත්, ගුවන් හමුදාවට එහි පස්වැනි ස්ථානයත් හිමිව තිබේ.


අදහස් (0)

මහනුවර - හැව්ලොක්ස් තියුණු සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.