
(ශානුක අරවින්ද)
අවසන් වරට පැවැති (2024-25) අන්තර් සමාජ රග්බි ලීගයේ ශූරයන් බවට පත්වූ මහනුවර ක්‍රීඩා සමාජය මෙවර (2025-26) අන්තර් සමාජ රග්බි ලීගයේදී තරග වදින පළමු තරගය අනිද්දා (22 වැනිදා) පස්වරු 4.00 සිට නාවික හමුදාවට එරෙහිව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ පළමු සතියේදී විවේකයක් ලබා සිටි මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියට එක්වන්නේ ෆසිල් මරීජා මහතාගේ පුහුණුකාරීත්වය සහ තරිඳු චතුරංගගේ නායකත්වය යටතේය. මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රභල ක්‍රීඩකයන් දෙපලක් වන නයිජල් රත්වත්තේ සහ තරින්ද රත්වත්තේ මෙම වසරේදී ක්‍රීඩාවෙන් සමුගැනීම හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගි නොවනු ඇත.
පළමු සතිය අවසානයේ ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය දෙවැනි සතිය යටතේ යුද හමුදාවට එරෙහිව හෙට (21 වැනිදා) පස්වරු 4.00 ට පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගයට අමතරව හෙට පස්වරු 4.00 ට පොලිසිය සහ ගුවන් හමුදාව අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී තවත් තරගයක් පැවැත්වෙනු ඇත.
දෙවැනි සතියේ අවසන් තරගය අනිද්දා ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එම තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේද පස්වරු 4.00 ටය. පළමු සතියේදී පොලිසියට එරෙහිව ලකුණු 29-05 ක පහසු ජයක් වාර්තා කළ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට දෙවැනි සතියේදී විවේකයක් හිමිව තිබේ.
දෙවැනි සතියේ තරග කාලසටහන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.