Last Update  :  2025-11-22 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ නාවිකයන් මුහුදේ ගිල්වති

මහනුවර ක්‍රීඩකයෝ නාවිකයන් මුහුදේ ගිල්වති

editorial - 2025 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) දෙවැනි සතියේ තරගයක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 44-14 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 15-00 ක් ලෙස ඉදිරියෙන් සිටි අතර එහිදී ඔවුහු ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත්හ. 

දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් තවත් ලකුණු 29 ක් රැස්කිරීමට මහනුවර ක්‍රීඩකයන් සමත් වෙද්දී, නාවික හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක් මගිනි. ඒ අනුව නියමිත කාලය අවසානයේ මහනුවර කණ්ඩායමට ලකුණු 44-14 ක පහසු ජයක් හිමි විය. 

 

 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ නාවිකයන් මුහුදේ ගිල්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.