Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවරට 45-26 ක පහසු ජයක්
අන්තර් සමාජ ලීග් රග්බි

මහනුවරට 45-26 ක පහසු ජයක්

editorial - 2022 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේදී මහනුවර පිලත් සි.ආර්. පිලත් අතර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී ඉරිදා (20 වැනිදා) පැවති තරගයෙන් ලකුණු 45 – 26 ක ජයක් වාර්තා කිරීමට මහනුවර පිල සමත් විය .

ජයග්‍රාහි මහනුවර පිල ගෝල දිනුම් පහක් සහ උත්සාහක දිනුම් දෙකක් මගින් ලකුණු රැස් කළේය. සී.ආර්. පිල ගෝල දිනුම් තුනක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස් කිරීමට සමත් විය .

තරග විනිසුරු අකිල් ජමාල්ඩීන් මහතාගේ ප්‍රථම නළා හඬින් තරගය ආරම්භ වී දෙවැනි විනාඩියේදීමහනුවර පිලේ බුද්ධිම පියරත්න උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය තරින්ද රත්වත්තේ විසින් සාර්ථක කර ගන්නා ලදී

තරඟයේ 10වැනි විනාඩියේදි සි.ආර්. පිලේ දේවින්ද කරුණාතිලක විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය .

20 වැනි විනාඩියේදී නැවතත් මහනුවර පිලේ බුද්ධිම පියරත්න විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

තරඟයේ 26 සහ 28 විනාඩි වලදී මහනුවර පිලේ දිලක්ෂන්ගේ සහ තරින්ද රත්වත්තේයන ක්‍රීඩකයන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන දෙකම සාර්ථක කර ගැනීමට  තරින්ද රත්වත්තේ සමත් විය. තරඟයේ 34 වැනි විනාඩියේදී සි.ආර්. පිලේ ඉමංක ආරියපාල විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සුභේයිර් දොරේ විසින් සාර්ථක කර ගන්නා ලදී.

ප්‍රථම අර්ධය නිමා වීමට මොහොතක් තිබියදි මහනුවර පිලේබු ද්ධිම පියරත්න නැවතත් ප්‍රතිවාදී ලකුණු සීමාව ආක්‍රමණය කිරීමට සමත් වූ අතරඑහි ප්‍රවර්තනය තරින්දරත්වත්තේ විසින් සාර්ථකකර ගන්නා ලදී.  

ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 33-12 ක් වශයෙන් මහනුවර පිල ඉදිරියෙන් විය .

දෙවැනි අර්ධය ආරම්භවි 15 වැනි විනාඩියේදී මහනුවර පිලේ ජේසන් දිසානායක විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය තරින්ද විසින් සාර්ථක කර ගන්නා ලදී .

20 වැනි විනාඩියේදී සි.ආර්. පිලේ තුවාන් සබායිර් විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර මෙහි ප්‍රවර්තනය සුභේයිර් දොරේ විසින් සාර්ථක කර ගන්නා ලදී .  26 වැනි විනාඩියේදී මහනුවර පිලේබුද්ධිම පියරත්න නැවතත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය .

තරඟය නිමා වීමට මොහොතක් තිබියදී මහනුවර ලකුණු සීමාවේදී සි.ආර්. පිලට දඬුවම් උත්සාහක දිනුමක් පිරිනමනවාත් සමගම තරගයේ අවසන් නළා හඬ නිකුත් විය.

(ඡායාරූප- ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි)


අදහස් (0)

මහනුවරට 45-26 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.