Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සත්කාරක පොලිස් රග්බි පිලේ අභියෝගාත්මක ක්‍රීඩා රටාවට සාර්ථකව මුහුණු දුන් ශ්‍රී ලංකා යුද හමුදා රග්බි පිල අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සිය අවසන් තරගයෙන් ලකුණු 27-24 ක තියුණු ජයක් අත්කරගැනීමට සමත්විය.
බම්බලපිටිය පොලිස් පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 20-7 කින් පෙරමුණ ගැනීමට යුද හමුදා පිල සමත්වූවත් දෙවැනි භාගය පුරාම අභියෝගාත්මක ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ පොලිස් පිලේ ක්‍රීඩකයන් අවසන් මොහොත දක්වාම තරගය අත් නොහැරීම කැපී පෙනුණි.
තරගය නිමාවීමට මිනිත්තු දහයක් ඉතිරිව තිබියදි ලකුණු 27-17 කින් පෙරමුණ ගෙන සිටි යුද හමුදා පිල පීඩනයකට හසු කළ පොලිස් පිල ඊළඟ මිනිත්තු කිහිපයේදී ගෝලයක් වාර්තා කරමින් ජයග්‍රහණය ආසන්නයට සේන්දුවීය. එහෙත් අවසන් මිනිත්තු කිහිපයේ ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ යුද හමුදා පිල ජයග්‍රහණය රැක ගත්තේය.
තරගයේ 5 වැනි මිනිත්තුවේදී ශානක කුමාර සාර්ථක කරගත් දඬුවම් පහරකින් ලකුණු 3-0 කින් පෙරමුණ ගත් යුද හමුදා පිලට අභියෝගයක් ගෙන දුන් පොලිස් පිල ලකුණු 7-3 කින් පෙරමුණ ගත්තේ රාජිත සන්සෝනි තැබූ අනගි උත්සාහක දිනුමකිනි. එය ඔහු විසින්ම ගෝලයක් බවට පත් කරනු ලැබීය.
මිනිත්තු කිහිපයකට පසුව වික්ටර් ප්‍රදීප් තැබූ උත්සාහක දිනුමකින් ලකුණු 8-7 කින් ඉදිරියට ගිය යුද හමුදා පිලට දෙවැනි උත්සාහක දිනුම ගෙන දෙනු ලැබුවේ විනෝද් කුමාර් විසිනි. එය ගෝලයක් බවට පත් කළ ගයාන් සාලින්ද යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 15-7 කින් ඉහළ දැමුවේය. අනතුරුව පළමු භාගය නිමාවීමට පෙර මධුෂාන් චන්ද්‍රසේකර තැබූ උත්සාහක දිනුමෙන් යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගියේය.
දෙවැනි භාගය ආරම්භයේදීම කදිම උත්සාහක දිනුමක් තැබූ මොහොමඞ් අබ්සාල් පොලිස් පිලේ ලකුණු සංඛ්‍යාව 14 දක්වා ඉහළ දැමූ අතර සන්සෝනි එය ගෝලයක් බවට පත් කළේය. ඊට පසුව දඬුවම් පහරක් සාර්ථක කරගත් සන්සෝනි දෙපිල අතර ලකුණු පරතරය 20-17 කින් අඩු කරද්දී යුද හමුදා පිලේ ක්‍රීඩකයන් තරමක් කළබලයට පත්වූ බවක් පෙනෙන්නට තිබිණි.
කෙසේවුවත් මිනිත්තු කිහිපයකට පසුව යුද හමුදා පිලට අස්වැසිල්ලක් ගෙන දුන්නේ නිරෝෂන් ප්‍රදීප් තැබූ උත්සාහක දිනුමය. ගයාන් සාලින්ද එය ගෝලයක් බවට පත් කරමින් සිය කණ්ඩායම ලකුණු 27-17 කින් ඉහළට ඔසවා තැබුවේය.
යුද හමුදා පිල ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් එක්වූ අතර පොලිස් කණ්ඩායම ගෝල් 3 ක් සහ දඬුවම් පහරකට හිමිකම් කීවේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.