අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තරගාවලියේ තෙවැනි සතිය යටතේ පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (11) පස්වරුවේ පැවැති තරගයේදී මහනුවර ත‍්‍රිත්ව විදුහල ලකුණු 32-23 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කළේය.
ජයග‍්‍රාහි ත‍්‍රිත්ව විදුහල ගෝලයකින් සහ උත්සාහක දිනුම් 5 කින් ලකුණු රැස් කිරීමට සමත් විය. ශාන්ත අන්තෝනි විදුහලට ගෝල 2 කින්, ඩ්‍රොප් ගෝලයකින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු එකතු විය.
ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-6 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.