Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය, මයිලෝ සමාගමේ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ පිළිමළු පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (03) පැවැති තරගයේදී මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 45-7 කින් වෙස්ලි විදුහල පරාජය කිරීමට සමත් වූහ.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඉසිපතන විදුහල සහ විද්‍යා විද්‍යාලය අතර මේ මස 6 වැනිදා ද, දෙවැනි තරගය කොළඹ රාජකීය විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර මේ මස 7 වැනිදා ද, කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතය.
ත‍්‍රිත්ව විදුහල ලකුණු 18-7 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට පෙරමුණේ පසු විය.
මෙහිදී ජයග‍්‍රාහි ත‍්‍රිත්ව විදුහල් පිල ගෝල තුනකින්, උත්සාහක දිනුම් තුනකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු ලැබීය. වෙස්ලි විදුහල ගෝලයක් පමණක් සාර්ථක කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.