Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby තෝමසුවෝ ලුම්බිණියට තලති

තෝමසුවෝ ලුම්බිණියට තලති

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උත්සාහක දිනුම් 6කින් ලුම්බිණි විදුහල් පිල අන්දමන්ද කළ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතා වටයේ සිය පළමු තරගයෙන් ලකුණු 40-10 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඊයේ සමත්විය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයේ පළමුභාගය නිමාවෙද්දී ලකුණු 21-5 කින් පෙරමුණ ගත් ශාන්ත තෝමසුවන්ගේ දැවැන්ත ජයග්‍රහණය වර්ණවත් කළ සෙන්ටර් ක්‍රීඩක ආරොන් ෆර්ඩිනැන්ඩෝ උත්සාහක දිනුම් 5 ක්ම ගෝල බවට ප්‍රවර්තනය කිරිමට සමත්විය. ලුම්බිණි විදුහලේ ක්‍රීඩකයන්ට උත්සාහක දිනුම් දෙකකට වඩා තැබීමට නොහැකිවිය.  

තරගයේ කැපී පෙනෙන දස්කම් පෑ ශාන්ත තෝමස් විදුහල් පිලේ නායක ක්‍රිස්ටියන් ඩි ලිලී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් තැබීමට සමත්වූ අතර ලසේන්ද්‍ර ද සිල්වා උත්සාහක දිනුම් දෙකකින් සිය කණ්ඩායම වර්ණවත් කළේය.

තරගය ආරම්භයේදී අංක 8 ක්‍රීඩක ලසේන්ද්‍ර ද සිල්වා තැබූ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ ශාන්ත තෝමස් විදුහල් පිල 7-0 කින් ඉදිරියට යද්දී තුවාන් පකීර් අගනා උත්සාහක දිනුමක් තබමින් ලුමිබ්ණි විදුහල් පිලේ ලකුණු ලබාගැනීම ආරම්භ කළේය.

එහෙත් ඉන් පසුව සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ ලසේන්ද්‍ර සිය විදුහල් පිල ඉදිරියට ගෙන ගිය අතර පළමු භාගය නිමාවට පෙර නායක ක්‍රිස්ටියන් තැබූ උත්සාහක දිනුමත් සමග තෝමසුවන් ලකුණු 21-5කින් පෙරමුණ ගත්තේ උත්සාහක දිනුම් 3ම ආරෝන් විසින් ගෝල බවට ප්‍රවර්තනය කරනු ලැබීමත් සමගය.


ශාන්ත තෝමස් විදුහල 40
උත්සාහක දිනුම් 6යි. - ක්‍රිස්ටියන් ඩි ලිලී (3), ලසේන්ද්‍ර ද සිල්වා (2), ආරෝන් ෆර්ඩිනැන්ඩෝ
ප්‍රවර්ථන - ආරෝන් ෆර්ඩිනැන්ඩෝ (5)

ලුම්බිණි විදුහල 10
උත්සාහක දිනුම් 2යි. - තුවාන් පකීර්, ඩිලාන් නිලුපුල්

 

 


අදහස් (0)

තෝමසුවෝ ලුම්බිණියට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.