Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ මහනුවර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර අද (5 වැනිදා) වැලිසරදී පැවැති තරගයෙන් ලකුණු 35-30 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මේ දක්වා තරග 3 කට සහභාගි වී ඇති මහනුවර ක්‍රීඩා සමාජය එම තරග 3 ම ජයගෙන සිය අපරාජිත බව රැකගෙන සිටියි.
ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් සමග ලකුණු රැස්කළ මහනුවර ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20-06 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. නාවික හමුදාව පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ දඬුවම් පහර 2 ක් සමගිනි. චතුර සෙනෙවිරත්න තරගයේ 6 වැනි සහ 9 වැනි විනාඩිවලදී නාවික හමුදාව වෙනුවෙන් එම දඬුවම් පහර 2 සාර්ථක කර ගත්තේය.
පළමු අර්ධයේදී ජේසන් දිසානායක (26 වැනි විනාඩියේදී), රොෂාන් වීරරත්න (34 වැනි විනාඩියේදී) සහ බුද්ධිම ප්‍රියරත්න (38 වැනි විනාඩියේදී) මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළහ. ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සහ 12 වැනි විනාඩියේදී මහනුවර පිලට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය.
දෙවැනි අර්ධයේදී සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ නාවිකයෝ ගෝල දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් සමග ලකුණු 24 ක් රැස්කළහ. මහනුවර කණ්ඩායමට එහිදී ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 15 ක් පමණි. කෙසේ වුවත් පළමු අර්ධයේදී රඳවාගත් ලකුණු පරතරය හේතුවෙන් තරගයේ ජය තමන් සතුකර ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ.
දෙවැනි අර්ධයේ 57 වැනි, 67 වැනි සහ 70 වැනි විනාඩිවලදී නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගැනීමට නිරෝෂන් පෙරේරා, ජනිත් ලක්සර සහ චරිත් ජනිත යන ක්‍රීඩකයෝ සමත් වූහ. එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් මෙන්ම 47 වැනි විනාඩියේදී නාවික හමුදාවට හිමිවූ දඬුවම් පහරද සාර්ථක කරගනු ලැබුවේ චතුර සෙනෙවිරත්න විසිනි.
තරගයේ 51 වැනි විනාඩියේදී මහනුවර කණ්ඩායමෙ වෙනුවෙන් සිය දෙවැනි උත්සාහක දිනුම ලබාගැනීමට බුද්ධිම ප්‍රියරත්න සමත් වූ අතර 63 වැනි විනාඩියේදී බවන්ත උඩන්ගමුව තවත් උත්සාහක දිනුමක් ලබාගත්තේය. ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගත් තරින්ද රත්වත්තේ, 75 වැනි විනාඩියේදී සිය කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරද සාර්ථක කරගැනීමට සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.