Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ක්‍රීඩකයන් දෙදෙනකුට තරග තහනම්

ක්‍රීඩකයන් දෙදෙනකුට තරග තහනම්

Nisanka Sandeepani - 2018 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක මොහොමඞ් රිස්විට සහ නාවික හමුදා රග්බි පිලේ බුද්ධිම පියරත්නට තරග තහනමක් පැනැවීමට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ විමර්ශන කොමිසම පියවර ගෙන ඇත. 
 
අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පසුගිය සතියේ ආරම්භ වූ දෙවැනි වටයේදී සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදා කණ්ඩායම අතර පැවැති තරගය අතරතුර නීති විරෝධී ක්‍රීඩා රටාවක නිරතවීමෙන් රිස්විට තරග 3ක තහනමක් පනවා තිබේ. සී.එච්.ඇන්ඞ් එෆ්.සී.ක්‍රීඩා සමාජය සමග පසුගිය සතියේ පැවැති තරගය අතරතුර නීති විරෝධී ක්‍රීඩාවක යෙදුණු බුද්ධිමට  තරගයක තහනමක් පනවා තිබේ. 
 
මෙවර තරගාවලියේ ආරම්භයේ සිටම ක්‍රීඩකයන්ගේ විනය විරෝධී සහ නීති විරෝධී හැසිරීම් සම්බන්ධව දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට රග්බි ආයතනය තීරණය කිරීමෙන් පසුව ක්‍රීඩකයන් රැසක් තරග තහනමට ලක්වූහ. 
 

අදහස් (0)

ක්‍රීඩකයන් දෙදෙනකුට තරග තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.