
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය හෙට (27 වැනිදා) සිට මාර්තු මස 7 වැනිදා දක්වා පළමු පෙළ රග්බි කණ්ඩායම් 8 ක සභාගීත්වයෙන් කොළඹ සහ මහනුවර ක්‍රීඩාංගණ 4 කදී පැවැත්වේ.
තරගාවලිය ආරම්භ කරමින් කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී හෙට පැවැත්වෙන සමාරම්භක තරගයේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ගුවන් හමුදාව පස්වරු 3.45 ට තරග බිමට පිවිසීමට නියමිතය.
එම තරගයෙන් අනතුරුව හෙට ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ තවත් තරගයක් පැවැත්වෙන අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව තරග වදින එම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 5.45 ටය.
එම තරග දෙකම අර්ධ අවසන් පූර්ව තරග ලෙස පැවැත්වෙන අතර තරගාවලියේ සෙසු අවසන් පූර්ව තරග දෙක මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර නිත්තවෙල ක්‍රීඩාංගණයේදීත්, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර හැව්ලොක් ක්‍රීඩාංගණයේදීත් අනිද්දා (28 වැනිදා) පස්වරු 3.45 සිට පැවැත්වේ.
මෙම තරග 4 දී ජය ලබන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර අවසන් පූර්ව තරග මාර්තු මස 2 වැනිදා සහ 3 වැනිදා පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත. තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය ඇත්තේ මාර්තු මස 7 වැනිදාය.
තරග කාලසටහන
පෙබ. 27 - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. සහ ගුවන් හමුදාව අතර
පෙබ. 27 - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සහ නාවික හමුදාව අතර
පෙබ. 28 - මහනුවර සහ යුද හමුදාව අතර
පෙබ. 28 - හැව්ලොක්ස් සහ පොලිසිය අතර
මාර්තු 2 - පළමු අවසන් පූර්ව තරගය
මාර්තු 3 - දෙවැනි අවසන් පූර්ව තරගය
මාර්තු 7 - අවසන් මහ තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.