Last Update  :  2026-03-15 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කරට කර සටනේ ජය ශාන්ත ජෝෂප් පිලට
ජනාධිපති කුසලාන

කරට කර සටනේ ජය ශාන්ත ජෝෂප් පිලට

editorial - 2026 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය යටතේ සෙනසුරාදා (14 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 20-17 ක් ලෙස මහනුවර කින්ස්වුඩ් විදුහල පරාජය කිරීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. 

කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට කින්ස්වුඩ් විදුහල ලකුණු 17-00 ක් ලෙස පෙරමුණ ගත්තේය. එහිදී ශාන්ත ජෝෂප් විදුහලට එක් ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් ලබා නොදුන් කින්ස්වුඩ් ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත්හ. 

දෙවැනි අර්ධය ඊට හාත්පසින්ම වෙනස් වූ අතර එහිදී කින්ස්වුඩ් විදුහලට ලකුණු ලබාගැනීමට ඉඩක් නොදුන් ශාන්ත ජෝෂප් විදුහල ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් 20 රැස්කිරීමට සමත් විය. ඒ අනුව නියමිත වේලාව නිමාවට පත්වන විට කින්ස්වුඩ් විදුහලට වඩා ලකුණු 3 ක් ඉදිරියෙන් සිටි ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ. 

 


අදහස් (0)

කරට කර සටනේ ජය ශාන්ත ජෝෂප් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.