Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානත්වයෙන් මහනුවර, බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන වයස 18 න් පහළ අන්තර් පාසල් සත් සමාජික රග්බි තරගාවලියේ මූලික වටය යටතේ කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ඊයේ (30 වැනිදා) පැවැති තරගය 10-10 ක් ලෙස ලකුණු සම වීමෙන් නිමාවට පත් විය.
ඒ අනුව මූලික වටය අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම බවට පත්වීමට එම විදුහල් දෙක අතර කරට කර සටනක් ඇතිවිය. කෙසේ වුවත් එම කාණ්ඩයට ඇතුළත්ව සිටි සෙසු කණ්ඩායම වූ ගාල්ල ශාන්ත ඇවීෂියස් විදුහලට එරෙහිව ලබාගත් ජයග්‍රහණවලදී පවත්වා ගෙන තිබූ ලකුණු පරතරයන් අනුව ඉසිපතන විදුහලට ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ හිමිවිය.
මූලික වටයේදී ලකුණු 45-00 කින් ශාන්ත ඇවීෂියස් විදුහල පරාජය කිරීමට ඉසිපතන විදුහල සමත්ව තිබූ අතර ආනන්ද විදුහල හමුවේ ශාන්ත ඇවීෂියස් විදුහල පරාජයට පත්ව තිබුණේ ලකුණු 43-00 ක් ලෙසිනි. ඒ අනුව ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා බවට පත්වූ ඉසිපතන විදුහල කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබාගත් අතර එහි දෙවැනි ස්ථානයට පත්වූ ආනන්ද විදුහලට බඳුන ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.
මූලික වටයේ ලැබූ ජයග්‍රහණ අනුව ‘බී’ කාණ්ඩයෙන් බම්බලපිටිය ශාන්ත පීතර විදුහත්, ‘සී’ කාණ්ඩයෙන් මහනුවර ශ්‍රී සුමංගල විදුහලත්, ‘ඩී’ කාණ්ඩයෙන් කොළඹ ඩී.එස්. සේනානායක විදුහලත්, ‘ඊ’ කාණ්ඩයෙන් මරදාන සහිරා විදුහලත්, ‘එෆ්’ කාණ්ඩයෙන් කොළඹ වෙස්ලි විදුහලත්, ‘ජී’ කාණ්ඩයෙන් මහනුවර විද්‍යාර්ථ විදුහලත්, ‘එෆ්’ කාණ්ඩයෙන් කොළඹ ලුම්බිණි විදුහලත් කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබාගත්තේය.
එහිදී ලැබූ පරාජයන් අනුව ආනන්ද විදුහල සමගින් කොළඹ මහානාම විදුහල, මරදාන ශාන්ත ජෝෂප් විදුහල, ගල්කිස්ස විද්‍යා විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, මහනුවර කිංග්ස්වුඩ් විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල බඳුන ශූරතාව වෙනුවෙන් තරග වැදීම සඳහා අවස්ථාව උදාකරගත්හ.
මූලික වටයේදී එක් තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වූ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල, පාදුක්ක සිරි පියරතන විදුහල, නුගවෙල මැදි විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල, කුරුණෑගල මලියදේව විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල පලිහ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.