Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර රත්මලාන ගුවන් හමුදා ක්රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 12-10 ක තියුණු ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. මේ දක්වා තරග 6 කට ක්රීඩා කර ඇති ගුවන් හමුදා කණ්ඩායම එහිදී ලැබූ තෙවැනි ජයග්රහණය මෙය විය.
කණ්ඩායම් දෙකම උත්සාහක දිනුම බැගින් වාර්තා කරමින් තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 05-05 ක් ලෙස සම තත්ත්වයේ පසුවිය. ගුවන් හමුදාව වෙනුවෙන් විමුක්ති ප්රනාන්දු තරගයේ 13 වැනි විනාඩියේදීද, නාවික හමුදාව වෙනුවෙන් සජිත් සාරංග 30 වැනි විනාඩියේදීද එම උත්සාහක දිනුම් දෙක ලබාගත්හ.
දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 17 ක් ගතවීමෙන් අනතුරුව එනම් 58 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළ යෝෂිත රාජපක්ෂ, පළමු වරට නාවික හමුදාව තරගයේ පෙරමුණට ගෙන ආවේය. කෙසේ වුවත් එම උත්සාහක දිනුමේ ප්රවර්ථනය සාර්ථක කර ගැනීමට නාවික හමුදා ක්රීඩකයෝ අපොහොසත් වූහ.
තරගයේ අවසන් විනාඩි 2 දක්වා ඉදිරියෙන් සිටි නාවික හමුදා ක්රීඩකයන්ගේ බලාපොරොත්තු සුන්කරමින් 79 වැනි වැනි විනාඩියේදී උත්සාක දිනුමක් ලබාගත් ගිම්හාන සිල්වා ලකුණු 10-10 ක් ලෙස යළිත් වරක් තරගය සම තත්ත්වයට ඇද දැමුවේය. එහි ප්රවර්ථනය සාර්ථක කරගනිමින් ලකුණු තත්ත්වය 12-10 ක් බවට පත්කළ ෆාරිස් අලී ගුවන් හමුදා කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගියේය.
නාවික හමුදාවේ ජනිත් ලක්සර පළමු අර්ධයේදී (37 වැනි විනාඩියේදී) විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පතක් ලැබීය. මෙම තරගයේදී ගුවන් හමුදාව ක්රීඩක අදේශ කිරීම් 5 ක්ද, නාවික හමුදාව ක්රීඩක ආදේශ කිරීම් 6 ක්ද සිදුකළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.