Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අපරාජිතයන්ට තීරණාත්මක සතිඅන්තයක්

අපරාජිතයන්ට තීරණාත්මක සතිඅන්තයක්

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ II වැනි කාණ්ඩය නියෝජනය කරන ඩී.එස්.‍සේනානායක විදුහල් පිල සහ මහනුවර ධර්මරාජ විදුහල් පිල සිය ජයග්‍රහණ පිපාසය සංසිඳුවා ගැනීමේ අරමුණින් හෙට (5) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයට පිවිසෙති. මෙතෙක් පැවැති තරගවලින් පසුව  'බී' කොටසේ පස්වැනි සහ සයවැනි ස්ථානවලට ඇද වැටී සිටින ඩී.එස්.සේනානායක විදුහල් පිල සහ ධර්මරාජ විදුහල් පිල අතරින් එක් කණ්ඩායමක් ජයග්‍රාහකයන් බවට පත්වනු ඇත. 
 
හෙටින් ආරම්භ වන සිවුවැනි සතියේ තරග සඳහා කාගෙත් අවධානය දිනාගැනිමට සමත්වන ප්‍රසාද ලකුණු සටහන එහෙම පිටින්ම වෙනස් කිරිමට තුඩුදෙන තරග දෙකක් ඇතුළත්ය. ඉන් වැඩිම අවධානය යොමුවනු ඇත්තේ මෙතෙක් පැවැති තරග 3 ම ජයගත් කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම වෙතය. 
 
රාජකීය විදුහල මේ වනවිට පළමු කාණ්ඩයේ  'ඒ' කොටසේ පෙරමුණේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 18ක් රැස් කරමිනි. දෙවැනි තැන පසුවන අනික් අපරාජිත කණ්ඩායම වන මරදාන ශාන්ත ජෝශප් විදුහල් පිල ලැබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ද 18කි.  හෙටින් ඇරැඹෙන සිවුවැනි සතියේදී මේ අපරාජිතයන්ගේ සටන  තුළින් එක් අපරාජිතයකු බිහිවනු ඇත. ‍එම තරගය අනිද්දා (6) පස්වරුවේ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. 
 
අවධානයට පාත්‍රවන අනික් තරගය පළමු කාණ්ඩයේ 'බී' කොටසෙන් තරග බිමට එක්වන බම්බලපිටියේ ශාන්ත පීතර සහ ඉසිපතන විදුහල් අතර තරගයයි. මේ තරගය 7වැනිදා පස්වරු‍වේ පැවැත්වෙන්නේ හැව්ලොක් ක්‍රීඩාංගණයේදීය. මේ වනවිට 'බී'කොටසේ පෙරමුණ ගැනීමට ශාන්ත පීතර විදුහල් පිල සමත්වී ඇත්තේ ප්‍රසාද ලකුණු 18ක් ලබාගනිමිනි. දෙවැනි තැන පසුවන ඉසිපතන විදුහල් පිලද අපරාජිතව ප්‍රසාද ලකුණු 17ක් ලබා සිටී.
 
සිවුවැනි සති අන්තයේ තරග 
5 වැනිදා 
ධර්මරාජ - ඩී.එස්. විදුහල් අතර වැලිසරදී
 
6 වැනිදා 
ශාන්ත ජෝශප් - රාජකීය විදුහල් අතර හැව්ලොක් පිටියේදී
 
7 වැනිදා 
ශාන්ත පීතර - ඉසිපතන විදුහල් අතර හැව්ලොක් පිටියේදි
ත්‍රිත්ව - ශාන්ත තෝමස් විදුහල් අතර පල්ලෙකැලේදී
සහිරා - වෙස්ලි විදුහල් අතර සහිරා පිටියේදි
ශාන්ත අන්තෝනි - කිංග්ස්වුඩ් විදුහල් අතර නිත්තවෙලදි

අදහස් (0)

අපරාජිතයන්ට තීරණාත්මක සතිඅන්තයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.