පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව මෙහෙයවූ අන්තර් පාසල් වයස 20 න් පහළ ‘අගමැති’ කුසලාන පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩකයෝ අද (10) සමත් වූහ.
වයස 20 න් පහළ ‘සභාපති’ කුසලාන පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතලේ ශාන්ත තෝමස් විදුහල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද පැවැති ‘අගමැති’ කුසලාන අවසන් මහ තරගයේදී තර්ස්ටන් විදුහල් පිල ලකුණු 15-5 කින් නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල් පිල පරාජය කිරීමට සමත් විය.
ජයග්‍රාහි තර්ස්ටන් විදුහල් පිල උත්සාහක දිනුම් 3 කින් ලකුණු ලැබූ අතර ශාන්ත ජෝන් විදුහලට සම්පූර්ණ කළ හැකි වූයේ උත්සාහක දිනුමක් පමණි.
මෙම තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක්ගත් අතර එහි ප්‍රතිඵලයෙන් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 5-5 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි. තර්ස්ටන් විදුහල දෙවැනි අර්ධයේදී ලකුණු 10 ක් රැස්කරමින් ජය තහවුරු කර ගත්තේය.
‘අගමැති’ කුසලාන අවසන් තරගයට පෙර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදීම පැවැති ‘සභාපති’ කුසලාන අවසන් මහ තරගයේදී මාතලේ ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 57-0 ක් ලෙස ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය පරාජය කිරීමට සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.