Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාවට තියුණු ජයක්
අන්තර් සමාජ පළමු පෙළ

ගුවන් හමුදාවට තියුණු ජයක්

editorial - 2025 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ අටවැනි සතිය යටතේ ගුවන් හමුදාව සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර ඊයේ (1 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 29-27 ක අතිශය තියුණු ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කිරීම හේතුවෙන් එහිදී ගුවන් හමුදාවට ප්‍රසාද ලකුණක්ද හිමි විය.

ගුවන් හමුදාව මෙම තරගාවලියේදී ලැබූ සිව්වැනි ජය මෙන්ම ශ්‍රී ලයන්ස් කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ 5 වැනි පරාජයද මෙය විය. කෙසේ වුවත් උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කිරීම සහ ලකුණු 7 කට අඩු පරතරයකින් පරාජය වීම හේතුවෙන් එහිදී ප්‍රසාද ලකුණු 2 ක් හිමි කර ගැනීමට ශ්‍රී ලයන්ස් කණ්ඩායමට හැකි විය.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ගුවන් හමුදාව ලකුණු 17-08 ක් ලෙස පෙරමු‍ණෙු පසු වූ අතර එහිදී ඔවුහු ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු රැස්කළහ. ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන් පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි.

දෙවැනි අර්ධයේදී ගුවන් හමුදාව ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 12 ක් රැස්කරද්දී, ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලයනස් ක්‍රීඩක‍යෝ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 19 ක් රැස්කළහ. එහෙත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව ගුවන් හමුදාවට ලකුණු 2 ක තියුණු ජයක් හිමි විය.

මෙම තරගයේදී ගුවන් හමුදාව වෙනුවෙන් ශාමික කෞෂාන් උත්සාහක දිනුම් 3 ක්ද, ශෂික ප්‍රනාන්දු සහ නිෂාන් පීරිස් එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළ අතර ශ්‍රී ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රසාද් මධුෂංක, නිස්රාන් මොහොමඩ්, ඉමංක ආරියපාල සහ දුලාජ් නවෝද්‍ය උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ. 


අදහස් (0)

ගුවන් හමුදාවට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.