Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රිච්මන්ඩ් කී‍්‍රඩකයෝ දකුණු පළාත් ශූරතාව දිනති
සත් සාමාජික පාසල් රග්බි තරගාවලිය

රිච්මන්ඩ් කී‍්‍රඩකයෝ දකුණු පළාත් ශූරතාව දිනති

editorial - 2021 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ‍්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ සත් සාමාජික පාසල් රග්බි තරගාවලියේ දකුණු පළාත් ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විදුහල අද (31 වැනිදා) සමත් විය. අවසන් මහ තරගයේදී ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලට එරෙහිව ලකුණු 21-07 ක පහසු ජයක් වාර්තා කරමින් රිච්මන්ඞ් විදුහල් කී‍්‍රඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ. රිච්මන්ඞ් විදුහලේ තිලෝෂ මෙන්ඩිස් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලැබීය. 

ගෝල දිනුම් 2 ක් සමග ලකුණු රැස්කළ රිච්මන්ඞ් කී‍්‍රඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-7 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ. ඇලවීෂියස් කී‍්‍රඩකයන්ට පළමු අර්ධයේදී ලබාගත හැකි වූයේ එක් ගෝල දිනුමක් පමණි. දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුමක් ලබාගත් රිච්මන්ඩ් කී‍්‍රඩකයෝ, එහිදී ඇලවීෂියස් කී‍්‍රඩකයන්ට ලකුණු ලබාගැනීමට ඉඩක් ලබා නොදුන්හ.

මූලික වටයේදී ලකුණු 77-00 ක් ලෙස දෙබරවැව ජාතික පාසලද, ලකුණු 29-00 ක් ලෙස රත්ගම දේවපතිරාජ විදුහලද පරාජය කළ රිච්මන්ඞ් විදුහල, මාතර ශාන්ත සර්වේශෂ් විදුහලට එරෙහිව නිතරග ජයක් ලබමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ගාල්ල ඇලවීෂියස් විදුහල අවසන් මහ තරගයට පිවිසියේ මූලික වටයේදී මාතර රාහුල විදුහල ලකුණු 07-05 ක් ලෙසද, ගාල්ල විද්‍යාලෝක විදුහල ලකුණු 60-00 ක් ලෙසද, ගාල්ල මහින්ද විදුහල 24-00 ක් ලෙසද පරාජය කරමිනි.

කණ්ඩායම් 7 ක සහභාගීත්වයෙන් ගාල්ල ඇලවීෂියස් විදුහල් කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට රත්ගම දේවපතිරාජ විදුහලත්, බඳුන ශූරතාව දිනාගැනීමට ගාල්ල මහින්ද විදුහලත් සමත් විය. පළඟ අවසන් මහ තරගයේදී දේවපතිරාජ විදුහල හමුවේ ලකුණු 17-00 ක් ලෙස මාතර රාහුල විදුහලත්, බඳුන අවසන් මහ තරගයේදී මහින්ද විදුහල හමුවේ ලකුණු 39-00 ක් ලෙස දෙබරවැව ජාතික පාසලත් පරාජයට පත්විය.

මෙම තරග මාලාවේ බස්නාහිර පළාත් ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහලත්, බස්නාහිර පළාත් ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට පිළියන්දල මැදි විදුහලත්, මධ්‍යම පළාත් ශූරතාව දිනාගැනීමට මහනුවර ති‍්‍රත්ව විදුහලත්, වයඹ පළාත් ශූරතාව දිනාගැනීමට කුරුණෑගල මලියදේව විදුහලත්, සබරගමුව පළාත් ශූරතාව දිනාගැනීමට තෙල්දූව මැදි විදුහලත් සමත් විය.

 
කුසලාන ශූරතාව
ගාල්ල රිච්මන්ඩ් විදුහල විසින් ලකුණු 21-07 ක් ලෙස ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල පරාජය කරන ලදි.

පළඟ ශූරතාව
රත්ගම දේවපතිරාජ විදුහල විසින් ලකුණු 17-00 ක් ලෙස මාතර රාහුල විදුහල පරාජය කරන ලදි.

බඳුන ශූරතාව
ගාල්ල මහින්ද විදුහල විසින් ලකුණු 39-00 ක් ලෙස දෙබරවැව ජාතික පාසල විදුහල පරාජය කරන ලදි.

(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)

 


අදහස් (0)

රිච්මන්ඩ් කී‍්‍රඩකයෝ දකුණු පළාත් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.