ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අද (19 වැනිදා) පැවැති ටෙනිස් පිරිමි කේවල සහ කාන්තා කේවල තරගවලින් ජයගැනීමට ශාමල් දිසානායක සහ අනිකා සෙනෙවිරත්න සමත්වූහ.
මාලදිවයින් ක්‍රීඩක අබ්දුල්ලා ෆසීල් 6-1 ක් සහ 6-3 ක් ලෙස තරග වට 2-0 කින් පරාජයට පත් කළ ශාමල් දිසානායක 32 දෙදෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදි ජපන් ක්‍රීඩක උචියාමා යසුටාකා සමගින් හෙට (20 වැනිදා) තරග වැදීමට නියමිතය.
මොංගෝලීයා ක්‍රීඩිකා අරිවුන් එර්ඩින්බිලේග් 6-1 ක් සහ 6-2 ක් ලෙස තරග වට 2-0 කින් පරාජයට පත්කළ අනිකා සෙනෙවිරත්න 32 දෙදෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදි චීන ක්‍රීඩිකා ශෑන්ග් ශුආයි සමගින් හෙට (20 වැනිදා) තරග වැදීමට නියමිතය.
පිරිමි කේවල තරගයකදී යසිත රංගන 2-6 ක් සහ 1-6 ක් ලෙස ලෙබනන් ක්‍රීඩක හබීබ් හාඩි හමුවේ තරග වට 0-2 ක් ලෙස පරාජයට පත්විය.
මිශ්‍ර යුගල තරගයවලදී ශාමල් දිසානායක සහ අංජලී කුරේරා උස්බකිස්තාන හමුවේත් යසිත රංගන සහ අනිකා සෙනෙවිරත්න ඕමානය හමුවේත් පරාජයට පත්විය.
4-6 ක් සහ 3-6 ක් ලෙස උස්බකිස්තානයේ අක්ගුල් අමන්මුරදෝවා සහ සංජාර් ෆයිසීව් හමුවේ තරග වට 0-2 ක් ලෙසත් 4-6 ක් සහ 3-6 ක් ලෙස ඕමානයේ ෆාත්මා අල් නබානී සහ මොහොමඞ් අල් නබානී හමුවේ තරග වට 0-2 ක් ලෙසත් ශ්‍රී ලංකාව පරාජයට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.