Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියානු රටවල් අටේ සහභාගීත්වයෙන් දකුණු ආසියානු පිහිනුම් තරගාවලියක් ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමයේ ලේකම් මිගාර ගුණතිලක මහතා ‘ලංකාදීපයට’ පැවසීය.
පසුගියදා ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන අතරතුරදී සාග් රටවල පිහිනුම් නිලධාරීන් සමග මේ සම්බන්‍ධව සාකච්ඡ කළ බවත්, ඒ සඳහා යහපත් ප‍්‍රතිචාරයක් ඔවුන්ගෙන් ශ‍්‍රී ලංකාවට හිමි වු බවත් ගුණතිලක මහතා වැඩිදුරටත් කීය.
එළැඹෙන අගෝස්තු මාසයේදී කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වීමට අපේක්ෂා කරන මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් තුන සහභාගි කරවා ගැනීම අත්‍යවශ්‍ය බවද ගුණතිලක මහතා පැවසීය.
”තරගාවලිය පවත්වන්න නම් අවම වශයෙන් රටවල් තුනක් සහභාගිවිය යුතුයි...ඉන්දියාව තරගාවලියට සහභාගි කරවා ගැනීම කළ යුතුයි”
”මෙ වගේ තරගාවලියක් අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට වැදගත් වන්නේ ඉන්දියාව සහභාගි වුණොත් තමා යැයි ” ගුණතිලක මහතා පවසයි.
තරගාවලිය පැවැත්වෙන දින යොදා ගැනීම සඳහා රටවල් අටේ පිහිනුම් සම්මේලන සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය අපේක්ෂා කරයි.
මෙම තරගාවලියට සමගාමීව දකුණු ආසියානු මුහුදු පිහිනුම් තරගාවලියක් ත‍්‍රිකුණාමලයේදී පැවැත්වීමටද ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය සුදානම් වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.