Last Update  :  2025-08-25 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජෝර්දාන් කී‍්‍රඩිකාවෝ 77 ‐ 50 කින් ශ්‍රී ලංකාව පරදවති

ජෝර්දාන් කී‍්‍රඩිකාවෝ 77 ‐ 50 කින් ශ්‍රී ලංකාව පරදවති

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු වයස 16 න් පහළ කාන්තා පැසිපන්දු තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගයකදී ශී‍්‍ර ලංකාව පරදවා ලකණු 77 - 50 ක පහසු ජයක් ලබාගැනීමට ජෝර්දාන් කණ්ඩායම පෙරේදා (24 වැනිදා) සමත්විය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී සහභාගි වූ දෙවැනි තරගයයි.

ආරම්භයේ සිටම ඉතා දක්ෂ ලෙස කී‍්‍රඩ කළ ජෝර්දාන් කී‍්‍රඩිකාවෝ පළමු කාර්තුව නිමාවන විට ලකුණු 23 - 11 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සමත්වූහ.

ජෝර්දාන් කණ්ඩායමට වඩා ලකුණු 12 ක් පිටුපසින් සිටිමින් දෙවැනි කාර්තුව ආරම්භ කළ ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ එම අර්ධ ලකුණු 40 - 31 ලෙස නිමා කළේ පළමු අර්ධයේ පැවති ලකුණු 12 ක පරතරය ලකුණු 9 කට අඩු කරගනිමිනි.

කොසේ වුවත් තරගයේ පළමු අර්ධය නිමා වනවිට ශී‍්‍ර ලංකා කණ්ඩායමට වඩා ලකුණු 9 ඉදිරියෙන් සිටි ජෝර්දාන් කණ්ඩායම, තෙවැනි සහ සිව්වැනි කාර්තු වලදී ලකුණු පරතරය තවත් වැඩි කරගත්තේ එම කාර්තු වලදී ලකූණු 14 ක් සහ ලකුණු 17 ක් ශී‍්‍ර ලංකාව කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටිමිනි.

තෙවැනි කාර්තුව අවසානයේදී ලකුණු 54 - 40 ක් ලෙසත්, සිව්වැනි කාර්තුව අවසානයේදී ලකුණු 77 - 50 ලෙස ලෙසත් තරගය අවසන් කිරීමට ජෝර්දාන් කී‍්‍රඩිකාවෝ සමත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයෙන් දැවැත්ත පරාජයක් උරුම කරදෙමිනි.

තරගය පුරා ජෝර්දාන් කී‍්‍රඩිකාවන්ට ශ්‍රී ලංකා කි‍්‍රඩිකාවන්ගෙන් පිඩනයක් එල්ල වූ අයුරු දක්නට නොලැබුණ අතර ලකුණු රැුස්කිරීම සඳහා තිබූ පහසු අවස්ථාද අනවශ්‍ය කළබලකාරී ස්වභාවයකින් කී‍්‍රඩා කිරීම නිසා ඔවුන් අතින් ගිලිහීයනු දක්නට ලැබිණ.

ජෝර්දාන් කණ්ඩායම වෙනුවෙන් සභාගා තාලා ලකුණු 21 ක් සහ ජබාරා ලිලියානා ලකුණු 20 බැගින් රැස්කළ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් ඒ. සමරසිංහ ලකුණු 17 ක් රැස්කළාය.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පිට පිට ලද දෙවන පරාජය වන අතර ඉකුත් සෙනසුරාදා (23 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවූ පළමු තරගයේදීද හොං කොං කණ්ඩායම හමුවේ ලකුණු 57 - 46 ක් ලෙස පරාජයට පත්විය.

ලබන වසරේදී ස්ලෝවැක් දේශයේ බැටිස්ලාවාහි පැවැත්වීමට නියමිත 17 න් පහළ කාන්තා ලෝක පැසිපන්දු ශූරතාවලයේදී ආසියාව නියෝජය කරන කණ්ඩායම් 3 තෝරාගැනීම සඳහා පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 30 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවක් පන්දුව පැස තුළට යොමු කිරීමේ උත්සාහයක

ඡායාරූප - ශානුක අරවින්ද

(තවත් ඡායාරූප බලන්න)


අදහස් (0)

ජෝර්දාන් කී‍්‍රඩිකාවෝ 77 ‐ 50 කින් ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.