ඇසෑම් 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලියේ කිලෝමීටර 60 අසම මාර්ග වට තරගයේ පිරිමි (ක‍්‍රයිටේරියම්) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පාපැදි ශූර ජීවන් ජයසිංහ අද (7) සමත්විය. ජීවන් දිනාගත් රන් පදක්කම සාග් ක‍්‍රීඩා උළෙලේ මේ දක්වා ශ‍්‍රී ලංකාවට හිමි වු පස්වැනි රන් පදක්කම ලෙස සටහන්වේ.
නවීන් රුචිර, මෙම ඉසව්වේ රිදී පදක්කම ශ‍්‍රී ලංකාවට හිමිකර දෙමින් දස්කම් දැක්වීය.
ජීවන් ජයසිංහ සය රන් පදක්කම සඳහා තරගයේදී ප‍්‍රසාද ලකුණු 34 ක් ලබාගත් අතර අතර රිදී පදක්කම් ලාභී නවීන්, ප‍්‍රසාද ලකුණු 24 ක් ලැබීය. ඉන්දියාවේ පන්කාජ් කුමාර් ට (ප‍්‍රසාද ලකුණු 21) ලෝකඩ පදක්කම හිමිවිය.
සුධාරිකා ප‍්‍රියදර්ශනී, කිලෝමීටර 40 අසම මාර්ග වට තරගයේ කාන්තා (ක‍්‍රයිටේරියම්) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් අතර ඉන්දිය ක‍්‍රීඩිකාවෝ රන් සහ රිදී පදක්කම් දෙකම දිනා ගත්හ. නිලූකා ශ්‍යාමලීට එහිදී හිමි වුයේ පස්වැනි ස්ථානයයි.
	
	- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.