Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය සංවිධානය කරන 15 වැනි ජාතික වුෂූ තරගාවලිය මේ මස 16 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියේදී තාඔලු හා සන්දා යන අංශ දෙකෙන්ම තරග පැවැත්වෙන අතර එහිදී ක්‍රීඩකයන් වෙනුවෙන් බර පංති 11 ක් (කි. ග්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75, 80, 85, 90, 90+) යටතේද, ක්‍රීඩිකාවන් වෙනුවෙන් බර පංති 7 ක් (කි. ග්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75) යටතේද තරග පැවැත්වේ.
තාඔලු හා සන්දා යන අංශ දෙකේම දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට කුසලාන සමගින් රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. මෙහිදී තාඔලු අංශය සඳහා තරග වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වයස් සීමාවක් බල නොපායි. එහෙත් සන්දා අංශය සඳහා තරග වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ මස 15 වැනිදාට අවුරුදු 18 සපුරා තිබිය යුතු අතර අවුරුදු 35 නොඉක්මවිය යුතුය.
මෙම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතා අනුව 2016/17 වසර සඳහා ජාතික සංචිත තෝරාගැනීමද සිදුකෙරෙන බව වුෂූ සම්මේලනය නිවේදනය කර සිටියි.
තරගාවලියේ සමාරම්භක උත්සවය 17 වැනිදා පෙරවරු 10.00 ට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර සමාප්ති උත්සවය 19 වැනිදා පස්වරු 4.00 ට පැවැත්වේ.
තරගාවලියට සහභාගීවීමට බලාපොරොත්තු වන තරගකරුවන් රුචිර බෝධිනාගොඩ මහතා, ලේකම්, ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය, 63 ් එපිටමුල්ල පාර, පිටකෝට්ටේ, කෝට්ටේ යන ලිපිනයට අයදුම්පත් යොමු කළ යුතුය.
මේ පිළිබඳ වැඩි දුර තොරතුරු 075-0351008 යන දුරකථන අංකය ඔස්සේ වුෂූ සම්මේලනයේ ලේකම් රුචිර බෝධිනාගොඩ මහතා ඇමතීමෙන් දැනගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.