Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner චමිල් කුරේ ති‍්‍රත්ව ශූරතා දිනාගනී

චමිල් කුරේ ති‍්‍රත්ව ශූරතා දිනාගනී

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 48 වැනි ජාතික කැරම් තරගාවලියේදී ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට චමිල් කුරේ සමත්විය. විවෘත කේවළ ඉසව්වේ ශූරතාව 12 වැනි වරටත් දිනාගත් චමිල්, පිරිමි යුගළ සහ මිශ‍්‍ර යුගළ ඉසව් ජය ගනිමින් ත‍්‍රිත්ව ශූරතා හිමිකර ගත්තේය.


ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 350 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් කොහුවල කැරම් සංගම් මුලස්ථානයේදී පැවැති මෙම ශූරතාවලියේදී ජෝශප් රොෂිටා කාන්තා කේවළ ඉසව්වේ ශූරතාව දිනාගත්තාය. රොෂිටා කාන්තා කේවළ ඉසව්වේ ශූරතාව දිනාගත් පස්වැනි අවස්ථාව ද මෙයවේ.


පිරිමි කේවළ ඉසව්වේ අවසන් තරගයෙන් නිශාන්ත ප‍්‍රනාන්දු පරදවා තරග වට 2-1 ක ජයක් ලැබු චමිල්, පිරිමි යුගල ඉසව්ව ජයගත්තේ බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ සමඟ එක්ව තරග කරමිනි. අරෝෂා වික‍්‍රමසිංහ සමඟ එක්ව මිශ‍්‍ර යුගල ඉසව්ව ජයගත් චමිල් ශූරතා ත‍්‍රිත්වයම හිමිකරගත්තේය.


මෙම ශූරතා ත‍්‍රිත්වය දිනාගැනීමේදී චමිල් සිය ප‍්‍රතිවාදියාට අවස්ථාවක් නොදීම තරගයක් නිම කරමින් ‘වයිට් ස්ලෑම්’ ජයග‍්‍රණය කළ අවස්ථා තුනක්ම වාර්තා කිරීම කැපී පෙනේ.


අවසන් තරග ප‍්‍රතිඵල:

 

  •     පිරිමි කේවළ ඉසව්ව

              චමිල් කුරේ විසින් නිශාන්ත ප‍්‍රනාන්දු පරාජය කරන ලදී. (25/4, 22/25,25/4)

 

  •    කාන්තා කේවළ ඉසව්ව

             ජෝශප් රොෂිටා විසින් චලනි ලක්මාලි පරාජය කරන ලදී. (25/8, 25/13)

 

  •    පිිරිමි යුගල ඉසව්ව

             චමිල් කුරේ සහ බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ විසින් මොහොමඞ් සහීඞ් සහ මනුක අශේන් පරාජය කරන ලදී. (25/14, 25/10)

 

  •    කාන්තා යුගළ ඉසව්ව

              චලනි ලක්මාලි සහ යශිකා රාහුබද්ධ විසින් ජෝශප් රොෂිටා සහ මධුෂිකා කාංචනමාලා පරාජය කරන ලදී. (25/00, 25/18)

 

  •   මිශ‍්‍ර යුගළ ඉසව්ව

            චමිල් කුරේ සහ අරෝෂා වික‍්‍රමසිංහ විසින් නිශාන්ත ප‍්‍රනාන්දු සහ මධුෂිකා කාංචනමාලා පරාජය කරන ලදී. (25/11, 25/6)

 

  •   ප‍්‍රවීණයන්ගේ ඉසව්ව

            ලලිත් හේවගේ විසින් කවිරංග පෙරේරා පරාජය කරන ලදී. (25/15, 16/15)

 


අදහස් (0)

චමිල් කුරේ ති‍්‍රත්ව ශූරතා දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.