Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඇල්කසබා - ඇට්ලැන්ටිස් උණුසුම් හමුවක්

ඇල්කසබා - ඇට්ලැන්ටිස් උණුසුම් හමුවක්

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරග මාලාවේ සිව්වැනි තරගාවලිය හෙට (23 වැනිදා) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ. වසන්ත සැණකෙළි තරගාවලිය ලෙස මෙම තරගාවලිය නම්කර තිබේ.

තරග 6 කින් සමන්විත වන මෙම තරගාවලියේදී දීප්තිකා ජයකොඩි, ඉසිර දසනායක, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, ඒ. එන්. අරුමපුර, අණුක සූසා, නදීරා මඩුගල්ල, නවීන් මාධව බණ්ඩාර, ආර්. එම්. සී. කේ. රාජපක්ෂ, එස්. ලෝගනාදන්, එස්. පෙරියසාමි, ජේ. ආර්. ඉරුගල් බණ්ඩාර සහ අජන්ත ද සොයිසා හිමිකාරත්වය දරන අශ්වයන් 30 ක් තරග වැදීමට නියමිතය.

එම අශ්වයන් අතුරින් මෙම අදියරේ ප‍්‍රධානතම තරගය වන කී‍්‍රඩා අමාත්‍යංශය අනුග‍්‍රහය දරන ‘වසන්ත සමය’ කුසලාන තරගයේ ජයග‍්‍රහය වෙනුවෙන් දීප්තිකා ජයකොඩි මෙනවියට අයත් ඇල්කසබා අශ්වයා සහ හසංග ජයරත්න මහතාට අයත් ඇට්ලෑන්ටිස් අශ්වයා අතර ඉතා තියුණු සටනක් දැකගත හැකිවනු ඇත.

ඉකුත් සති අන්තයේදී පැවැති තෙවැනි අදියරේ ප‍්‍රධානතම තරගය වූ ‘කුනිගාල් ස්ටඞ් මැජික් මිලියන්’ තරගය ජයගත් දීප්තිකා ජයකොඩි මෙනවියට අයත් ‘චාල්ටන්’ අශ්වයා මෙම අදියරට සහභාගි නොවේ. ලබන සති අන්තයේදී පැවැත්වෙන පස්වැනි අදියරට සහභාගි කරවීම සඳහා එම අශ්වයා විවේකගන්වා තිබීම ඊට හේතුවයි.

තෙවැනි අදියරේ පැවැති සෙසු තරග ජයගත් අයිස්ලැන්ඩික්, අයිස්මින්ට්, ඩොන් හසා, කොස්මොපොලිටන්, රීබත් සහ ක්වීන් ඔෆ් ද හිල් යන අශ්වයන් මෙම අදියර සඳහා සහභාගි වීමට සූදානම් කර තිබේ.

මහද්වීපික වැවිලි කුසලාන, ඊ. බී. සී. ඇස්කොට් කුසලාන, වසන්ත සමය කුසලාන, ඬේලි මිරර් අභියෝග කුසලාන, ශාන්ත ක්ලෙයාර්ස් අභියෝග කුසලාන සහ රූපවාහිනී කුසලාන යන කුසලාන සඳහා මෙම අදියරේදී තරග පැවැත්වේ.

ශ‍්‍රී ලංකාව තුළ තුරඟ තරග කී‍්‍රඩාව යළි ජනපි‍්‍රය කරවීම මෙන්ම එහි තත්ත්වය උසස් කිරීමත්, අසුන් රැකබලාගෙන ඔවුන් තහනම් උත්තේජක භාවිතයෙන් වලක්වාලීමත් අරමුණු කරගෙන කොළඹ රාජකීය තුරඟ තරග සමාජය මෙම තරග මාලාව සංවිධානය කරයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

ඇල්කසබා - ඇට්ලැන්ටිස් උණුසුම් හමුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.