Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අයිස්ලැන්ඩික් ‘ඩේලි මිරර්’ කුසලානය ඩැහැගනී

අයිස්ලැන්ඩික් ‘ඩේලි මිරර්’ කුසලානය ඩැහැගනී

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරගාවලි මාලාවේ සිවුවැනි අදියරේදී ඉතා තියුණු තරගයකින් අනතුරුව ‘ඬේලි මිරර්’ අභියෝග කුසලාන ජය ගැනීමට ‘අයිස්ලැන්ඩික්’ අශ්වයා මෙහෙය වූ එස්. සුගන්තන් ඊයේ (23 වැනිදා) සමත් විය. ‘අයිස්ලැන්ඩික්’ අසුගේ හිමිකරුවා වන්නේ හසංග ජයරත්න මහතාය.

මීටර් 1600 ක දුරකින් සමන්විත වූ මෙම තරගයේ අවසන් මොහොත දක්වා ‘අයිස්ලැන්ඩික්’ අසු සමග කරට කර යමින්, රියෙන්සි එඞ්වඞ්ස් මහතාට සහ එම මහත්මියට අයත් ‘ගසාකි’ අශ්වයා මෙහෙයවූ ඉර්වාන් සිං ‘ඬේලි මිරර්’ කුසලාන තරගයේ දෙවැනි ස්ථානයටත්, ඉසිර දසනායක මහතාට අයත් ‘ඉන්දියන් එපික්’ අශ්වයා මෙහෙය වූ කිශෝර් කාදම් එහි තෙවැනි ස්ථානයටත් පත්වූහ.

සිව්වැනි අදියරේ  ප‍්‍රධානතම තරගය වූ ‘වසන්ත සමය’ කුසලාන තරගය ජයගැනීමට දීප්තිකා ජයකොඩි මෙනවියට අයත් ‘ඇල්කසබා’ අශ්වයා මෙහෙය වූ ඉර්වාන් සිං සමත් විය. කී‍්‍රඩා අමාත්‍යංශයේ අනුග‍්‍රහයෙන් මෙම ඉසව්ව පැවැත්විණ.

මීටර් 1400 දුරකින් සමන්විත වූ ‘වසන්ත සමය’ කුසලාන තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට රියෙන්සි එඞ්වඞ්ස් මහතාට සහ එම මහත්මියට අයත් ‘ස්පියර් හෙඞ්’ අශ්වයා මෙහෙය වූ දිනේෂ් සමත් වූ අතර එහි තෙවැනි ස්ථානය ඉසිර දසනායක මහතාට අයත් ‘ඔගස්ටස්’ අශ්වයා මෙහෙයවූ එන්. එස්. පර්මර්ට හිමිවිය.

‘වසන්ත සමය’ කුසලාන තරගය ජයගැනීම හේතුවෙන් ‘ඇල්කසබා’ අශ්වයාගේ හිමිකාරිණිය වූ දීප්තිකා ජයකොඩි මෙනවියට රුපියල් 300,000 ක මුදල් ත්‍යාගයක්ද, ‘ඬේලි මිරර්’ අභියෝග කුසලාන තරගය ජයගැනීම හේතුවෙන් ‘අයිස්ලැන්ඩික්’ අශ්වයාගේ හිමිකරු වූ හසංග ජයරත්න මහතාට රුපියල් 250,000 ක මුදල් ත්‍යාගයක්ද පිනැරිමිණ.

තරග 6 කින් සමන්විත වූ මෙම තරගාවලියේදී දීප්තිකා ජයකොඩි, ඉසිර දසනායක, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, ඒ. එන්. අරුමපුර, අණුක සූසා, නදීරා මඩුගල්ල, නවීන් මාධව බණ්ඩාර, ආර්. එම්. සී. කේ. රාජපක්ෂ, එස්. ලෝගනාදන්, එස්. පෙරියසාමි, ජේ. ආර්. ඉරුගල් බණ්ඩාර සහ අජන්ත ද සොයිසා යන අය හිමිකාරත්වය දරණ අශ්වයන් 30 දෙනෙක් තරග වැදිණ.

තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි වූ අතර විශේෂ ආරාධිතයකු ලෙස නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා සහභාගි විය. මෙම තරග මාලාවේ මීලග තරගාවලිය ලබන සෙනෙසුරාදා (30 වැනිදා) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය ඊයේ (23 වැනිදා) නුවරඑළිය තුරඟ තරග පිටියේදී නිමාවට පත්විය.

තරග වැදුණ අශ්වයා, එම අශ්වයා මෙහෙය වූ අසරුවා සහ අශ්වයාගේ හිමිකරු යන අනුපිළිවෙලට පහත දැක්වෙන තරග ප‍්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ.

 

තරග ප‍්‍රතිඵල


ඬේලි මිරර් අභියෝග කුසලාන (මීටර 1600)

1 අයිස්ලැන්ඩික් - එස්. සුගන්තන් - හසංග ජයරත්න
2 ගසාකි - ඉර්වාන් සිං - රියෙන්සි එඞ්වඞ්ස්
3 ඉන්දියන් එපික් - කිශෝර් කාදම් - ඉසිර දසනායක


වසන්ත සමය කුසලාන (මීටර 1400)
 
1 ඇල්කසබා - ඉර්වාන් සිං - දීප්තිකා ජයකොඩි
2 ස්පියර් හෙඞ් - දිනේෂ් - රියෙන්සි එඞ්වඞ්ස්
3 ඔගස්ටස් - එන්. එස්. පර්මර් - ඉසිර දසනායක


මහද්වීපික වැවිලි කුසලාන (මීටර 1400)

1 ස්ටොක් වෙල් - එන්. එස්. පර්මර් - ඉසිර දසනායක
2 ඩොන් හසා - ඒ. විශ්වනාත් - ජයරත්න අශ්වගාල
3 කි‍්‍රස්මස් කේක් - එම්. මෝහන්රාජ් - ඒ. එන්. අරුමපුර   


ඊ. බී. සී. ඇස්කොට් කුසලාන (මීටර 1400)

1 බියුටිෆුල් ලන්කන් - එන්. එස්. පර්මර් - ඉසිර දසනායක
2 ජොආනා - එල්. රවී කුමාර් - ශී‍්‍ර සිංහ ලොකුහේවා
3 කැප්ටිව් හාර්ට් - කිශෝර් කාදම් - ඉසිර දසනායක


ශාන්ත ක්ලෙයාර්ස් අභියෝග කුසලාන (මීටර 1000)
 
1 එයාර්බෝන් II - දිනේෂ් - අජන්ත ද සොයිසා  
2 ක්වීන් ඔෆ් ද හෙල් - එම්. මෝහන්රාජ් - ආර්. එම්. රාජපක්ෂ  
3 ලෙගාසි - එස්. දසරාදන් - නවීන් මාධව බණ්ඩාර


රූපවාහිනි අභියෝග කුසලාන (මීටර 1000)

1 සිටි ෂොට් - එල්. රවී කුමාර් - එස්. ලගනාදන්
2 රීබත් - දිනේෂ් - වසන්ති අශ්වගාල   
3 ජොනී - එම්. මෝහන්රාජ් - ආනන්ද බණ්ඩාර

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

තුරඟ තරගාවලි මාලාව - සිවුවැනි අදියරේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

අයිස්ලැන්ඩික් ‘ඩේලි මිරර්’ කුසලානය ඩැහැගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.