Last Update  :  2025-08-24 20:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අක්කා - නගෝ තුන්වැනි වටයේදීම හමුවෙති

අක්කා - නගෝ තුන්වැනි වටයේදීම හමුවෙති

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අමෙරිකාවේ නිව්යෝක් නුවර බිලි ජීන් අන්තර්ජාතික ටෙනිස් මධ්‍යස්ථානයේදී මේ මස 27 වැනිදා ආරම්භ වන 138 වැනි අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ තරග පෙළ ගැස්මට අනුව තුන්වැනි වටයේදීම සුප්‍රකට අක්කා නගෝ දෙදෙනා වන විලියම්ස් සොහොයුරින් මුහුණට මුහුණ ගැටෙනු ඇත.

සිය කුළුඳුල් දරු ප්‍රසූතිය නිසා පසුගිය වසරේ තරගාවලියට ක්‍රීඩා නොකළ සෙරීනා විලියම්ස් මෙවර තරගාවලියට එක්වී සිටින්නේ ශ්‍රේණිගත කිරීම්වල 17 වැන්නිය ලෙසිනි. ඇගේ වැඩිමල් සොහොයුරිය වන  වීනස් ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි තැන සිටින්නීය. සෙරීනා මූලික වටයේදී පෝලන්තයේ මැග්ඩා ලිනෙට් සමග තරග වැදීමට නියමිත අතර වීනස් තරග වදින්නේ ස්වෙට්ලානා කුසනොට්සෝවා සමගය.

සය වතාවක්ම අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළට හිමිකම් කී සෙරීනා තුන්වැනි වටයේදී සිය සොයුරිය සමගත්, ඊළඟ වටයේදී නොම්මර එකේ ක්‍රීඩිකා සිමෝනා හැල්පේ සමගත් තරග වැදීමට නියමිතය. සිය 24 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් කුසලානය හඹා යන සෙරීනාට මේ බාධක දෙක පැන ගැනීමට හැකිවන්නේ නම් මෙවර අමෙරිකානු ටෙනිස් කිරුළ ඇයට හිමිවනු ඇතැයි වැඩි දෙනෙක් කියති.


 - 077

 


අදහස් (0)

අක්කා - නගෝ තුන්වැනි වටයේදීම හමුවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.