අවුරුදු 21න් පහළ ජාතික කනිෂ්ඨ ස්නූකර් ශූරතාව දිනාගැනීමට යොවුන් ක්‍රීඩක එම්.එෆ්.එම්.ෆාසිල් පස්වැනි වරටත් සමත්විය. කොළඹ ඔටෝමොබයිල් ක්‍රීඩා සංගම් ශාලාවේදී පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගයේදී කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් ක්‍රීඩා සමාජයේ මොහොමඞ් තාහා තරග වට 6-4 කින් පරාජය කරමින් ෆාසිල් මේ ශූරතාවට හිමිකම් කීවේය.
මීට පෙර පළමු වතාවට 2014 දී අවුරුදු 21 න් පහළ ජාතික කනිෂ්ඨ ස්නූකර් කිරුළ දිනාගත් ෆාසිල් අනතුරුව අඛණ්ඩව එම ශූරතාව දිනාගත්තේය.
වසර 2016 ජාතික ස්නූකර් තරගාවලියේදිත් ශූරයා බවට පත්වූ ෆාසිල් පසුගිය වසරේ ජාතික ශූරතාවලියේ අනුශූරයා බවට පත්වූයේ ප්‍රවීණ ක්‍රීඩක සුසන්ත බොතේජු හමුවේ පරාජයට පත්වෙමිනි.
මේ වනවිට 20 හැවිරිදි වියෙහි පසුවන ඔහු මෙවර අවුරුදු 21න් පහළ ජාතික කනිෂ්ඨ ස්නූකර් තරගාවලියට එක්වූයේ අවසන් වරටය.
අවසන් තරගයේ ලකුණු සටහන
එම්.එෆ්.එම්.ෆාසිල් විසින් රාමු 6-4 ක් වශයෙන් මොහොමඞ් තාහා පරාජය කරන ලදි. ලකුණු තත්ත්වය 54-39, 90-7, 16-58, 13-78, 45-58, 84-39, 67-53, 66-31, 54-61ක් සහ 68-7ක්
ඡායාරූප : කුෂාන් පතිරාජ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.