Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාලදිවයිනේ මාලේ නුවරදී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගනිමින් එහි අනු ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.
පාකිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල්වල සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ ශූරතාව ඉන්දියාවට හිමිවිය.
අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) |
ශ්‍රී ලංකාව දිනාගත් රිදී පදක්කම් 6 න් 4 ක් කණ්ඩායම් ඉසව් වලදීද, 2 ක් යුගල ඉසව් වලදීද හිමිවූ අතර ලෝකඩ පදක්කම් 6 හිමිවූයේ කේවල ඉසව් වලිනි. මෙම තරගාවලියේ අනු ශූරතාව දිනාගැනීමත් සමග ලබන අගෝස්තු මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා මියන්මාරයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමටද ශ්‍රී ලංකාව සමත් විය.
මෙම තරගාවලියේදී වයස 18 න් පහළ සහ 15 න් පහළ සහ වයස් කාණ්ඩ යටතේ කණ්ඩායම් තරග පැවැති අතර වයස 18 න් පහළ, 15 න් පහළ සහ 12 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල තරග පැවැත්විණ. එහිදී යුගල තරග පැවැතියේ වයස 18 න් පහළ වයස් කාණ්ඩය යටතේ පමණි.
ඒ අනුව සමස්ථ තරගාවලියේදී කණ්ඩායම්, යුගල සහ කේවල ලෙස ඉසව් 12 ක් පැවැති අතර ඉන් 11 කදීම පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාගත නොහැකි වූයේ වයස 18 න් පහළ බාලක කේවල ඉසව්වේදී පමණි. එම කාණ්ඩ සියල්ලේම රන් පදක්කම් දිනාගැනීමට ඉන්දියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ඔෂාන් සෙනරත්ආරච්චි (කෙළඹ රාජකීය විදුහල) |
මෙම තරගාවලියේදී කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රංචාගොඩ වයස 18 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසත්, කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා එම කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළහ. හංසනී දකුණු ආසියානු මේසපන්දු තරගාවලියකට සහභාගි වූ 9 වැනි අවස්ථාව මෙය වූ අතර නිමේෂ් ඊට සහභාගි වූ 5 වැනි අවස්ථාව මෙය විය.
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හිරුෂ වරුසවිතාන වයස 15 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසත්, කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය එම කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළහ. එහිදී සම්පත් කුමාර සහ බුද්ධික දික්කුඹුර යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙසත්, රහල් අබේරත්න මහතා කළමණාකරු ලෙසත්, දිලීමා උඩගෙදර මෙනවිය බාලිකාවන් භාර නිලධාරිණිය ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටියහ.
ඉකුත් වසරේදී (2017) මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැති අතර එහිදී රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
සනායා බුද්ධදාස |
ශ්‍රී ලංකාවට හිමිවූ පදක්කම්
රිදී පදක්කම්
■ වයස 18 න් පහළ බාලක යුගළ - නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) සහ චන්දූප අලහකෝන් (මහනුවර කිංග්ස්වුඞ් විදුහල)
■ වයස 18 න් පහළ බාලිකා යුගළ - හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) සහ ඩී.එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල)
■ වයස 18 න් පහළ බාලක කණ්ඩායම - නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල), චන්දූප අලහකෝන් (මහනුවර කිංග්ස්වුඞ් විදුහල), දිෂංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල) සහ ඉසුරු අංජන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
■ වයස 18 න් පහළ බාලිකා කණ්ඩායම - හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල), ඩී.එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල), ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) සහ අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල)
■ වයස 15 න් පහළ බාලක කණ්ඩායම - හිරුණ වරුසවිතාන, චනුල දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) සහ සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල)
■ වයස 15 න් පහළ බාලිකා කණ්ඩායම - ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල), සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) සහ කවිෂ්කා කාවින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
ලෝකඩ පදක්කම්
■ වයස 18 න් පහළ බාලිකා කේවල - හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල)
■ වයස 15 න් පහළ බාලක කේවල - හිරුණ වරුසවිතාන සහ චනුල දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
■ වයස 15 න් පහළ බාලිකා කේවල - ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල)
■ වයස 12 න් පහළ බාලක කේවල - ඔෂාන් සෙනරත්ආරච්චි (කෙළඹ රාජකීය විදුහල)
■ වයස 12 න් පහළ බාලිකා කේවල - නවිඳි සෙනෙවිරත්න (කෑගලු බාලිකා විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.